gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාස හයෙන් ගිය අවුරුද්දේ වගේ දෙගුණයක් ලූනු ගෙනැල්ලා… දඹුල්ලේ ලූනු ගොවියා එල්ලෙන්න වැල් නැති වෙයි….!

අද ගොවියා මුහුණපා ඇති ලූනු ප්‍රශ්නය 76 වසරක ශාපයේ කතාවක් නොවන බව සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික්ක සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.
“ගිය අවුරුද්දේ රටට ගෙනාවේ ලූනු ටොන් 73300යි. මේ අවුරුද්දේ මුල් මාස හයට ලූනු ටොන් 144000ක් ගෙනැල්ලා. ගිය අවුරුද්දේ මේ රටේ මාරාන්තික ලූනු හිඟයක් තිබුණේ නෑ. ඒ කියන්නේ මාස හයට ගිය අවුරුද්ද වගේ ලූනු දෙගුණයක් ගෙනෑවම දඹුල්ලේ ගොවියාගේ ලූනු ටික ගොඩගැහෙනවා තමයි. මේ අර්බුදය ආ වෙලාවේ එතන හිටි සභාපතිවරයා ගැසට් එකට අත්සන් නොකර අස්වෙලා ගියා. ඔහු අත්සන් නොකර අස්වෙලා යන්නේ එතන ප්‍රශ්නයක් තියෙන නිසා නෙ. දඹුල්ලේ ගොවියෝ හූල්ලද්දි ගිය අවුරුද්ද වගේ දෙගුණයක් මාස හයක් ඇතුළත ලූනු ගේන්නේ නිකං නෙමෙයි. කොමිස් ගහන්න. එහෙම නැත්නම් අපට කියන්න දෙගුණයක් ලූනු ගෙනාවේ ඇයි කියලා.

ලුනු ප්‍රශ්නේ බලන්නකො. රු. 68ට කොළඹට ගේන ලුනුවලට රු. 180ක පාලන මිලක් දාන්නේ ඇයි? මේක කාට හරි පැහැදිලි කරන්න පුළුවන්ද? එතකොට පැහැදිලිවම පේනවා එතන වංචාවක් තියෙනවා කියලා. මෙයාලා කියනවා අපි කිසි වංචාවක් කරලා නෑ කියලා. හැබැයි මේ ලුනු වංචාව ගැන ඇමති වසන්ත සමරසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල කරලා මාස හයයි. තවම පරීක්ෂණයක් කරලා නෑ. එතකොට වංචාවක් කරලා නෑ තමයි. කන්ටේනර් 323 ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරලා මාස හයකට වැඩියි. පනත අනුව මාස හයක් ඇතුළත පරීක්ෂණ කරන්න ඕන. නමුත් ඒක කරලා නෑ. ඒක නොකර අපි හොරකම් කළේ නෑ කියනවා.

රජයේ වී මෝල් හිමියන්ට ලබා දෙන ටෙන්ඩර් එක අකුළගත්තේ ඇයි? ගිය අවුරුදුවල වී කිලෝ 100කින් සහල් කිලෝ 66ක් ගත් එක, මේ අවුරුද්දේ 64ක් වෙනවා. අපි ප්‍රශ්න කළාම ටෙන්ඩර් එක කැන්සල් කළා. ප්ලග්බේස් ටෙන්ඩර් එක කැන්සල් කළේ ඇයි? පහුගියදා වසන්ත සමරසිංහ ඉඩම් බෙදන්න ලියුම් ගහලා තිබුණා. දැන් ඒ ඉඩම් බෙදන්න බෑ කියලා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් තීරණය කරලා. ඒ නිලධාරිතුමාට අපි ස්තූති කරනවා. ඒ නිසා මේ හොරකම් කරන්නේ නැති කතා නම් කියන්න එපා.”

ජාතික රූපවාහිනියේ කරටකර වැඩසටහනට ඊයේ (03) එකතු වෙමින් වරුණ රාජපක්ෂ මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka