gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සේවයෙන් පහ කළ දුම්රිය රියැදුරා වසර 4ක් පඩිත් දී විශ්‍රාම ගන්වලා

කොළඹ - මහනුවර සීඝ්‍රගාමී දුම්රියක් ගණේමුල්ලේ දී අනතුරකට ලක්කර රජයට රුපියල් ලක්ෂ 93ක පාඩුවක් සිදු කළේ යැයි වසර හතක් විනය පරීක්ෂණ පවත්වා සේවයෙන් පහ කිරීමේ නිවේදනද නිකුත් කර ඇති දුම්රිය රියදුරු තවත් වසර හතරක් සේවයේ තබාගෙන වැටුප් අතිකාලද ගෙවා සුවසේ විශ්‍රාමගන්වා ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඊයේ (03) පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය එලෙසම තිබියදී ,රජයට පාඩු කළ රියදුරකු තවදුරටත් සේවයේ යොදා ගනිමින් යළි යළිත් දුම්රියට පාඩු සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇති බවට හිටපු දුම්රිය සාමාන්‍යධිකාරී එස්.එම්.අබේවික්‍රම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම එසේ පැවසීය.

2008 සැප්තැම්බර් 29 වැනි දින කොළඹ මහනුවර සීඝ්‍රගාමී දුම්රිය ගනේමුල්ලේදී අනතුරට ලක් කර රජයට රුපියල් ලක්ෂ හැත්තෑ හතක සහ සේවය අත්හිටුවීමෙන් පසුව තවත් දුම්රිය අනතුරක් සිදුකර රුපියල් ලක්ෂ දාසයක පාඩුවක් සිදු කළේ යැයි විනය පරීක්ෂණ පවත්වා සේවයෙන් පහකළ දුම්රිය රියදුරු අයි. එක්.කේ දිසානායක සේවයේ තබා ගනිමින් දූෂණය නම් වරද සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම එසේ පැවසීය.

සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතා කියා සිටියේ සැකකරු වසර 33 ක නිකැලැල් සේවයක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුකර විශ්‍රාම ගිය පුද්ගලයකු බවය.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී පී.ඒ.බී ආරියරත්න මහතා සිදු කරන ලද විනය පරීක්‍ෂණයකට අනුව ප්‍රශ්න ගත රියැදුරු සේවයෙන් පහකර ඇති බවත්, එම හිටපු සාමාන්‍යාධිකාරීවරයා සේවයෙන් විශ්‍රාම ගැන්වීමට දිනයක් තිබියදී මෙම විනය තීන්දුව රියදුරට ලබා දී ඇතිි බවත්,හිටපු සාමාන්‍යාධිකාරීවරයාගේ එම විනය තීන්දුව මෙම සැකකරුට ක්‍රියාත්මක කිරීමට ගියේ නම් නීති ප්‍රශ්න මතුව වන්දි ගෙවීමට සිදුවන බැවින් එසේ කර නොමැති බවත් පැවසීය.

එහිදී නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එවැනි නීතිමය ගැටලුවක් උද්ගත වූයේද යන්න විමසා සිටියේය. ඊට පිළිතුරු ලබා දුන් නීතිඥ සංජය ගමගේ මහතා කියා සිටියේ එවන් ප්‍රශ්නයක් උද්ගත නොවූ බවත්, අලාභය ගෙවීමට විනය පරීක්‍ෂණය මගින් නියෝග කොට නොතිබූ බවත්ය.

ඊට එය ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා රජයට සිදුවූ අලාභය අයකරගෙන ඇත්තේ ද? යන්න සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේ තමන්ගේ දැනුවත් වීම සඳහා පමණක් බව ප්‍රකාශ කළේය .

නීතිඥ සංජය ගමගේ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව ඇති බැවින් තම සේවා දායකයාට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ප්‍රධානය කරන ලෙසට ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය .විමර්ශන ප්‍රගතිය පෙබරවාර 20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.

-(රෝෂන් තුෂාර)
lankadeepa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka