gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අර්චුනාට පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරයෙකුගෙන් මරණ තර්ජන.. කතානායකට පැමිණිලි..

යාපනය දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් අංක 17 නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද (21) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශක් කරමින් පැවසූවේ මාලිමාවේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා තමා මරාදමන බවට තර්ජනය කළ බවයි.

මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පෙන්වා දුන්නේ, 27(02) යටතේ අද දින පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් පුත්තලම රෝහල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විමසා සිටි බවත්, ඒ සම්බන්ධයෙන් උරණ වූ මන්ත්‍රී ෆයිසාල් මහතා තමාට මරණ තර්ජන එල්ල කළ බවත්ය.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී කතානායකවරයා සඳහන් කළේ එය රීති ප්‍රශ්නයක් නොවන බවයි.

එහෙත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩිව කියා සිටියේ මරණ තර්ජනයක් එල්ලවීම බරපතල තත්ත්වයක් බැවින්, මන්ත්‍රී අර්චුනා මහතාට එය මතුකිරීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතු බවයි.

ඉන් අනතුරුව, කතානායක ජගත් වික්‍රමරත්න මහතා එම ප්‍රශ්නය මතුකිරීමට අවස්ථාව ලබා දුන්නේය.

තමාට එල්ල වූ මරණ තර්ජනය සම්බන්ධයෙන් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මෙසේ පැවසීය:

“ගරු කතානායකතුමනි, මම පුත්තලම රෝහල ගැන ප්‍රශ්නය විමසූ අවස්ථාවේදී මේ ෆයිසාල් මන්ත්‍රීවරයාට කේන්ති ගියා. පුත්තලම රෝහල සංවර්ධනය කරන්න ඕන කියලා මම පැවසුවාම ඔහු පැවසුවේ රෝහලේ බෝඩ් එක වෙනස් කළාම ඇති කියලා. ඉන් අනතුරුව මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයට යන්න හදනකොට එතනට ඇතුල්වෙන තැන මාලිමාවේ මන්ත්‍රීවරුන් හතරදෙනෙකු හිටියා. එහිදී ෆයිසාල් මන්ත්‍රීවරයා මට කිව්වා වැඩිය සෙල්ලම් දාන්න ආවොත් මාව මරාදානවා කියලා. පුත්තලමට එන්න එපා කියලත් කිව්වා. මට මේ එල්ල කරපු මරණීය තර්ජනය ගැන වහාම පරීක්ෂණයක් කරන්න. එම ස්ථානයේ තිබෙන CCTV කමරාවල දර්ශනත් ඒ සඳහා යොදාගන්න පුළුවන්.”

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka