ජීවන්ගේ විවාහ මංගල්‍යයට රනිල් ඉන්දියාවට යයි
හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියේය. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් ගේ විවාහ මංගල්‍යයට සහභාගිවීම සඳහාය.
ඔහු සමග මෙම ගුවන් ගමන සදහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ ද එක්ව සිටින්නීය.
මෙම ගුවන් ගමන සදහා ඔවුන් අද අලුයම් කාළයේම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .
ඔවුන් අද උදෑසන 08.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ.
jeevan thondaman wedding photos
ජීවන්ගේ විවාහ මංගල්‍යයට රනිල් ඉන්දියාවට යයි
2025-11-21T12:46:00+05:30
Gossip Lanka Hot News





