gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බැසිල් ගැන උසාවියට සැකයක්!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඊයේ දිනයේ අධිකරයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබු පසුබිමක ඔහු ගුවන් ගමන් බලපත්‍ර වෙන්කර පසුව ඒවා අවලංගු කර ඇති බව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය විය.

ශරීරයේ වම්පස හිරිවැටිමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් බැසිල් රාජපක්ෂ මහතාට ගුවන් ගමන් නුසුදුසු බවට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නේ බැසිල් රාජපක්ෂ හිතාමතා අධිකරණය මග හරින බවට බරපතළ සැකයක් පවතින බවය.

නීති විරෝධි ක්‍රියාකාරකමකින් උපයා ගන්නා ලද ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස් හීල් හි අක්කර එකහාමාරක ඉඩමක් මිල දී ගැනීමේ සිදුවීමකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුලු විත්තිකරුවන් හතරදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.

එහිදී නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය ද තුන්වන හා හතරවන සැකකරුවන් වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් සිය සේවාදායකයාගේ වෛද්‍ය වාර්තා ඇතුලත් ලේඛන ගොනුවක් අධිකරණයට ඉදිරිපත් කරන ලඩී.

එම වෛද්‍ය වාර්තා අධ්‍යයනය කර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මෙසේ විවෘත අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.

“ස්වාමීනි මේ නඩුවේ තෙවන සැකකරු වන බැසිල් රෝහණ රාජපක්ෂ අවසන් වරට අධිකරණයේ පෙනී සිට තිබෙන්නේ 2024 සැප්තැම්බර් 18.

ඒ කියන්නේ මොහු වසරකට වැඩි කාලයක් අධිකරණයේ පෙනී සිට නැහැ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පසුගිය නඩුවාරයේ අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක දැක්වුණා සිය සේවාදායකයා පුටුවකින් වැටිලා ඇති වුණ බෙල්ලේ අමාරුවක් නිසා වෛද්‍යවරුන් විසින් ගුවන් ගමන් නුසුදුසු බවට නිර්දේශ කර තිබුණා කියලා.

නමුත් එක්ස්රේ වාර්තාවල කිසිදු අස්ථිවල ගැටලුවක් පෙන්නුම් කෙරුණේ නැහැ.

එදින සැකකරුගේ ඇපකරුවන්ට නියෝග කළා අද සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා.

නමුත් සැකකාර බැසිල් රාජපක්ෂ අදත් නැහැ.

ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙනවා සැකකාර බැසිල් රාජපක්ෂට ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා කියලා.

නමුත් ස්වාමීනි මේ ලේඛන මා අධ්‍යයනය කරපුවාම බරපතළ සැකයක් ඇති වුණා සැකකරු ඇත්තටම අසනීපනයෙන් ඉන්නව ද නැතිනම් අධිකරණය මග හරනිවා ද කියලා….”

ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන ගොනුවේ පරස්පරතා කිහිපයක් අධිකරණය වෙත පෙන්වා දුන්නාය.

“ස්වාමීනි, මේ වෛද්‍ය වාර්තා නිකුත් කරලා තියෙන්නේ ජෝජ් චිඩී කියලා පුද්ගලයෙක්.

මේ ලේඛනවල රෝග ලක්ෂ සටහන් කරලා තිබුණට ඒවා වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරලා නැහැ.

අනික පෙර නඩු වාරයේ වෛද්‍යවරයාගේ වාර්තාවල ලිපි ශිර්ෂය නෙවෙයි අද ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල තියෙන්නේ.

ඊළගට බැසිල් රාජපක්ෂට ඔය කියන ශරීරයේ වම්පස හිරිවැටිමේ රෝගී තත්ත්වය තියන නිසා මාස 6ක් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍ය නිර්දේශ නිකුත් කරලා තියෙන්නේ 2025 සැප්තැම්බර් 14 වනදා.

වෛද්‍යවරයා එහෙම නිර්දේශ කර තිබිය දී ඊට පසු සැප්තැම්බර් 25 වනදා මේ සැකකරු නොවැම්බර් මාසයේ 18 සිට 21 දක්වා කාලය තුළ ගුවන් ගමනකින් මෙරටට පැමි‍ණෙන්න ගුවන් සමාගමකින් ගුවන් ටිකට් පත් වෙන්කරගෙන තියෙනවා.

පසුව අවස්ථාවක එය අවලංගු කරන්නැයිත් ඉල්ලා තිබෙනවා.

ඒ වගේම ස්වාමීනි මේ සැකකරුට ගුවන් ගමනක යෙදීමේ ශක්‍යතාව තිබේ දැයි පරීක්ෂා කිරීමට ගුවන් සමාගමෙන් ඉදිරිපත් කළ පෝරමේ පැහැදිලිව දැක්වෙනවා මොහුට තවත් පුද්ගලයෙකුගේ සහායෙන් සාමාන්‍ය පරිදි ගුවන් ගමනක යෙදිය හැකියි.

ගුවන් යානය තුළ විශේෂ පුටුවක් , ඇඳක් හෝ ඔක්සිජන් සැපයීමක් අවශ්‍ය නැහැ කියලා….”

සිය කරුණු දැක්වීම අවසන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවන් පිළිගත නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසය.

එහිදී මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට නියෝග කළේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් ඉදිරි දින කිහිපය ඇතුලත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

එසේ ඉදිරිපත් කිරීමක් නොකරන්නේ නම් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ තබා ඇති ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නීතිඥවරුන්ට නියෝග කලේය.

එමෙන්ම සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන්ට අවවාද කලේය.

නීති කෘත්‍ය යළි ලබන වසරේ මැයි 22 වනදා කැඳවීමට නියමිතයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka