gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මගේ තාත්තා කෝ ? ඔයගොල්ලන්ට කොටි වුණාට, ඒ මගේ තාත්තා.. අර්ජුන මැතිසබයේ කඳුළු සලයි.! (Video)

Archuna Ramanathan Father
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් මහතාගේ පියාණන් අතුරුදහන් වූයේ රජයේ ආරක්ෂාව යටතේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී බවත් ඔහු සිය පියා සොයා සෑම තැනකම සෙවීම සිදු කළද, අද වනතුරුත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුනු බව මන්ත්‍රීවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සංවේදී ප්‍රකාශයක් සිදුකළේය.

මන්ත්‍රීවරයාගේ කතාව තුළින්, යුද්ධය හේතුවෙන් පවුල්වලට අහිමි වූ ආදරණීයයන්ගේ වේදනාව සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය. මන්ත්‍රීවරයාගේ මෙම සංවේදී ප්‍රකාශය, පක්ෂ භේදයකින් තොරව සියලුම මන්ත්‍රීවරුන්ගේ හදවත් ස්පර්ශ කළ බව දක්නට ලැබිනි.

සිය කතාව අතරතුරු මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකදී සංවේදී විය.

මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා මීට පෙරද විවිධ අවස්ථාවලදී සිය පියාණන්ගේ අතුරුදහන් වීම සහ උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් පළ කර ඇති අතර ඔහුගේ පියා LTTE සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවට මතභේදාත්මක ප්‍රකාශයන්ද ඔහු විසින් සිදු කර තිබිනි.

කෙසේවෙතත් ඔහු අවධාරණය කළේ මුල් අවදියේ ශ්‍රී ලංකා පොලීසියේ සේවය කළ තම පියා පසුව LTTE සංවිධානය සමඟ එක් වූයේ ජාතිවාදී පීඩනය හේතුවෙන් බවයි.

“ඔයගොල්ලන්ට කොටි උනාට ඒ මගේ තාත්තා” මන්ත්‍රීවරයා සිය කතාව අතරතුරු ප්‍රකශ කළේය.


archuna ramanathan father case
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka