gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගලයෙන් ගිනිතැබූ ගෙට වන්දි ගත්තාට ගෝටාටත් වැඩ වරදී.. අධිකරණයෙන් නියෝගයක්..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා, හිටපු නාවික හමුදාපතිවරයා, හිටපු මහජන ආරක්ෂක ඇමැතිවරයා හා හිටපු ආරක්ෂක ඇමැතිවරයා ස්ථිරව පදිංචිව සිටින නිවැරැදි ලිපිනයන් වහාම ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

අරගල සමයේදී හිටපු මැති ඇමැතිවරුන්ගේ නිවෙස් වලට පහරදීම් වලින් සිදුවූ අලාභ වලට වන්දි ගෙවීමේ දී සිදු වූ අක්‍රමිකතාවන් පිළිබඳ සොයා බලා සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එහි වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව මෙලෙස ස්ථිරව පදිංචිව සිටින නිවැරැදි ලිපිනයන් ඉදිරිපත් කිරීමට නියම කරන ලද්දේ හිටපු ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්තඋලුගේ තැන්න, හිටපු මහජන ආරක්ෂක ඇමැති ප්‍රසන්න රණතුංග සහ හිටපු ආරක්ෂක ඇමැති විරාන් අලස් යන මහත්වරුන්ටය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සෝහිත රාජකරුණා සහ මේන්තා විජේසුන්දර යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළේය.

-රන්ජන් කටුගම්පොල
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka