gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ටි්‍රලියනක් ඉතුරු කතාව කෙප්පයක්.. රට එදිනෙදා දුවන්නේ ණය අරන්..

මහා භාණ්ඩාගාරයේ ටි්‍රලියනක් පමණ ඉතිරිව තිබෙන්නේ යැයි කියන කථාව පිළිගත නොහැකි හුදු කතන්දරයක් පමණක් බවත් ආර්ථික විද්‍යාවට අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවිය නොහැකි බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (13) පැවසීය.
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‘අයිඑම්එෆ් ප්‍රකීර්ණ විසදුම්’ කෘතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා නුගේගොඩදී (13) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

මෙරට ප්‍රධාන ජාතික ගැටලු දෙකක් ඇති අතර ආණ්ඩුවක් එදිනදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම හෙවත් ජංගම ගිණුමේ එසේ නැත්නම් වර්තන ගිණුමේ හිඟය එහිදී ප්‍රධාන ගැටලුව බවත් 1950, 51 සහ 1977 අවුරුදු තුන හැරුණාම අබුදය ඇතිවන තෙක් සහ වර්තමානයේ ද ආණ්ඩුව එදිනදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවත් ඒ මහතා කීය.

රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ එසේ නැත්නම් වර්තන ගිණුමේ හිඟය ලෙස හදුන්වන එම හිග`යක් තියෙන විට භාණ්ඩාගාරයේ මුකුත් ඉතිරි නොවන බව කී ගුණවර්ධන මහතා ඒ නිසා කවුරු ආණ්ඩු කළත්, කවුරු රටේ ජනාධිපති වුණත් එදිනිදා වියදම් පවත්වාගෙන යෑමට ආදායමකත් නොමැති නිසා හැමදාම දේශීය සහ විදේශීය වශයෙන් ණය ගන්න මෙන්ම ණය නොගත් ආණ්ඩුවක් නැතුවා වගේම ණය නොගෙන කරන ආණ්ඩුවක් අනාගතයේ ඇති නොවන බව ද සඳහන් කළේය.

රාජ්‍ය අය වැයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් හෝ ඊට අඩු කිරීම මෙම සියලුම අණ පනත්වලින් උත්සහ කරන බවත් අතිරික්ත එක එක ගිණුම්වල ඇති අතර ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවත් ඔහු කීය.

රජයේ ආදායමෙන් රජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර, එදිනදා පවත්වාගෙන යෑමට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදීගැනීමේ වියදම් දැරූ පසු පොලී වියදම් හැර වියදම වන ප්‍රාථමික ගිණුමේ සියයට 2.3 ක අතිරික්තයක් ඇති බවත් ණය පොලිය ගෙවීමෙන් පසුව ජංගම ගිණුමේ හිඟයක් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
 (යොහාන් භාසුර)
- Lankadeepa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka