සම්බෝධි විහාර සිදුවීම පසුපස දේශපාලන කුමන්ත‍්‍රණයක් තියෙනවා..- නි. ඇමති අරුන්
ත්‍රිකුණාමලය සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාර භූමියේ ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය පසුපස කිසියම් දේශපාලන මෙහෙයවීමත් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කරයි.
දේශපාලනිකව මෙය වෙනත් පැත්තකට හරවන්න සංවිධාරාත්මකව පිරිසක් මැදිහත් වූ බවද ඔහු කියා සිටි.
පසුගිය දින කිහිපය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන මම ප්‍රථමයෙන් මගේ කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේ ම මේ සියලු කාරණා පිටිපස්සේ දේශපාලන බලවේගයක් තියෙනවා කියලා අපි දන්නවා.
මේ භූමියේ ම හිටපු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරියකගේ ආපන ශාලාවක් තිබුණා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ගිය අවස්ථාවේදී තමයි මේ ප්‍රශ්නය මේ විදිහට වර්ධනය වුණේ.
මේක තවදුරටත් විධිමත් වෙලා තිබුණා නම් හොඳයි. ඒ වගේ ම දේශපාලනිකව මේක වෙන පැත්තකට හරවන්න සංවිධානාත්මකව පිරිසක් මැදිහත් වුණ බව අපි දන්නවා,"
සම්බෝධි විහාර සිදුවීම පසුපස දේශපාලන කුමන්ත‍්‍රණයක් තියෙනවා..- නි. ඇමති අරුන්
2025-11-18T11:39:00+05:30
Gossip Lanka Hot News





