gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික ආරක්ෂාවට ඕන ඉඩම් හමුදාව සතුව තිබිය යුතුයි

ජාතික ආරක්ෂාවට වැදගත් බිම් කොටස් ආරක්ෂක හමුදා සතුව තබා ගැනීම ප්‍රමුඛතාව විය යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. "රටේ ආර්ථිකය ආරක්ෂාවට කොතරම් වැදගත් ද කියා ආණ්ඩුවට සැලකිල්ලක් තිබේ යැයි පෙනෙන්නේ නැහැ.මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන ක්‍රියා කරන්නේ නොගැඹුරු මුහුදේ ඇවිදිනවා වගේ.මැතිවරණ පොරොන්දු මත පදනම්ව රටේ ජාතික ආරක්ෂාව පැත්තකට තියලා
ඔවුන් කටයුතු කරමින් ඉන්නවා.රටේ සමස්ත ජනතාව මේ යුද්ධයෙන් බට කෑවා. 

යුද්ධය ඉවරයි කියා අපට කියන්න බෑ. යුද්ධය අප නොහිතන වෙලාවක ඇති වෙන්නත් පුළුවන්.අපි ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර කටයුතු කළ යුතුව තියෙනවා.උතුරේ නැගෙනහිර මෙන්ම කොළඹ ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන්නේ කොහොමද කියලා අප සැලකිලිමත් වෙන්න ඕන.උතුරේ බරපතල ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා.පෞද්ගලික ආරක්ෂාවට වඩා ජාතික ආරක්ෂාව ගැන හිතලා මේ ඉඩම් පිළිබඳ තීන්දු තීරණ ගත යුතුයි. ආරක්ෂක මරමස්ථාන වල තිබෙන ඉඩම් නැවත ඉඩම් හිමියන්ට ලබා දිය යුතුද නැතිනම් ඒ ඉඩම් වෙනුවට විකල්ප ඉඩම් ලබා දෙනවාද කියා සිතිය යුතුයි.එහෙම නැතිනම් ඉඩම් වෙනුවට වන්දි දෙන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka