රණවිරු දඩයමට ගෙනා අභිචෝදක කාර්යාලට ලෙඩක්… නීතිපතියේ නිලධාරී සංගමයේ දැඩි විරෝධය…!
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ ආණ්ඩුවේ තීරණයට දැඩි විරෝධය පලකිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. ඊයේ (17) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පිවිතුර හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ මෙම අභීත තීන්දුව අගය කළ යුතු බවයි.
ස්වාධීනව කටයුතු කරන නීතිපතිවරයා මගහැර නීතිපති දෙපාර්තමේන්තුවෙන් අදාළ රාජකාරිය ගලවා තම දේශපාලන හෙංචයියන් පිරිසකට මෙම කාර්ය භාරදීම ආණ්ඩුවේ සැලසුම බවට උදය ගම්මන්පිල චෝදනා කරයි.
එවැනි අභිචෝදක කාර්යාලයක් මගින් නීතිපති ප්‍රතික්ෂේප කරන නඩු මෙන්ම රණවිරුවන්ට සහ විරුද්ධ පක්ෂ දේශපාලකයන්ට එරෙහි නඩු ද සිය පක්ෂයේ හෙංචයියන් පිරිසක් ලවා පවරා ගැනීමට ආණ්ඩුවට අවස්ථාව හිමි වන බව ද හෙතෙම පෙන්වා දෙයි.
-emanisa
රණවිරු දඩයමට ගෙනා අභිචෝදක කාර්යාලට ලෙඩක්… නීතිපතියේ නිලධාරී සංගමයේ දැඩි විරෝධය…!
2025-11-18T09:00:00+05:30
Gossip Lanka Hot News





