gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පුද්ගල අතුරුදන්වීමකට සෙබළියන් දෙදෙනකු අල්ලයි.. පුද්ගලයකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ හංගලා..

පුද්ගලයකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත බංකරයක සිරකර තබා අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික සෙබළියන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුතලය සහ හලාවත ප්‍රදේශවල පදිංචි 41 සහ 44 වයස් වල පසු වන හිටපු නාවික හමුදා සුළු නිලධාරිනියන් දෙදෙනෙකි. 

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ  සමූහ මංකොල්ල විමර්ශන ආංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අනුව මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

2010 වසරේ ජූලි මාසයේ දිනක එම පුද්ගලයා පැහැරගෙන ගොස් තිරිකුණාමලයය නාවික කඳවුරේ භූගත සිර මැදිරියක රඳවා තබා අතූරුදන් කර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර  විමර්ශන සිදුකරයි.

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
-lankadeepa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka