gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරුණ පුවත්පතට නඩු දානවා… ජනමාධ්‍ය ඇමති කියයි…

ඉතාම සාහසික සාවද්‍ය පුවත් වාර්තා කරමින් මහජන කැළඹීමක් ඇති කිරීම සඳහා ජනතාවට තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය අවභාවිතා කරන අරුණ පුවත්පතට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද ( 20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

අද අරුණ පුවත්පත සිය ප්‍රධාන පුවත් ලෙස වාර්තා කරන ” ග්‍රාම නිලධාරී සහතිකය මදි… පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානියාගේ අනුමැතියක් ඕනෑ..” නැමැති ප්‍රවෘත්තිය මුලුමනින්ම අසත්‍යයක් බව ජනමාධ්‍ය ඇමතිවරයා කීවේය.

මෙම ප්‍රවෘත්තියට මූලාශ්‍රවන ප්‍රාදේශීය වාර්තාකරුවෙක් ලියා එවූ නැගෙනහිර නුවරගම් පලාතේ ග්‍රාමසේවකවරුන් එවැනි කිසිම ප්‍රකාශයක් සිදුකර නැති බවත්, මේ සාවද්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර තමන්ගේ රූපවාහිනී නිලිකා හරහා කියවමින් යළි යළිත් එම අසත්‍ය පුවත් සමාජගත කිරීමේ ඉතිහාසයක් අරුණ පුවත්පතට ඇති බවත් ඇමතිවරයා පැවසුවේය.

එවැනි අවස්ථා ගණනාවක් ඔහු සිය කතාවේදී ඉදිරිපත් කරනු ලැබූ අතර ප්‍රවෘත්ති දැනගැනීමට ඇති අයිතිය අවභාවිතා කරන මෙවැනි මාධ්‍ය  සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ද ජනමාධ්‍ය ඇමතිවරයා කීවේය.

කෙසේ වෙතත් ප්‍රශ්නය ඊයේ පාර්ලිමේන්තුවේ දී ඩී.වී චානක මන්ත්‍රීවරයා මතු කළ විට රාජ්‍ය පරිපාලන ඇමති ආචාර්ය චන්දන අබේරත්න පැවසුවේ කලින් ප්‍රජා පොලිස් කමිටු මෙම වාර්තාව ලබා දුන් බවත් එය දැන් මහජන ආරක්ෂක කමිටු විසින් ලබා දෙන බවත්ය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka