බෙල්වුඩ් සිසුවියක් නේවාසිකාගාරයේ එල්ලී මියගිහින්
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදි සිසුවියක නේවාසිකාගාරයේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගලහ පොලිසිය පරීක්ෂණ පවත්වයි. මියගිය සිසුවිය කිළිනොච්චිය ක්‍රිෂ්ණපූරම් හි පදිංචිකාරියකි.
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ නේවාසිකව අධ්‍යාපනය ලබන ඇය කිළිනොච්චියේ ක්‍රිෂ්ණපූරම් ප්‍රදේශයේ සිය නිවසට ගොස් පසුගිය 30 දා යළි පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. දිවි නසා ගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධයක් හා සම්බන්ධ සිද්ධියක් බවට පොලිසිය සැක කරයි.
මියගිය සිසුවිය හා තවත් සිසුවියන් නේවාසිකාගාරයේ කාමරයේ සිට ඇති බවත් සිද්ධිය වන අවස්ථාවේ එම සිසුවිය පෞද්ගලික කාරණයක් සඳහා පිටතට ගොස් තිබෙන බවත් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සමන්ති වීරසේකර
බෙල්වුඩ් සිසුවියක් නේවාසිකාගාරයේ එල්ලී මියගිහින්
2025-11-03T08:57:00+05:30
Gossip Lanka Hot News






