gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බුද්ධි අංශ අනාවරණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

මීට පෙර මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී තමාට අනාවරණ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (13) කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම පුරෝකථනය කළ හැකි ආර්ථිකයක් වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති බව ද එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය. 

ඔහු සඳහන් කළේ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ නංවා ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇති බවය. 

ජනතා විමුක්ති පෙරමුණේ 36වැනි ඉල්මහා විරු සමරුව එම පක්ෂයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු එම පක්ෂයේ මියගිය පිරිස සිහිගන්වමින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka