gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පති ප්‍රියන්ත සහ පරිපාලන ප්‍රධානී පතිනායක අතර ගැටුම ඇති කළේ ලාබ ගේම් ගසා රට ගිනි තිබ්බ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දැයි සැකයි! … පොලිස් පොඩ්ඩෝ කියති…

පොලිසිය තුළ බරපතල ආරවුලක් ඇති කරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ  පොලිසියේ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් පතිනායක අතර ගැටුමක් නිර්මාණය කරීමට මුල් වී ඇත්තේ පොලිස්පති ධූරයට පත්වීම වෙනුවෙන් ප්‍රියන්ත වීරසූරියට සහ ලලිත් පතිනායකටත්  වඩා වෙහෙසුන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දැයි සැක සිතෙන බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මුස්ලිම් ජාතිවාදය සහ වර්ගවාදය අවුලුවාලන ආකාරයේ පහත් පෙළේ ගේමක් සෙල්ලම් කර රටම ගිනිතැබූ දේශපාලන ගොළුබෙල්ලෙක් බවත්, කරුමයට හේතු වී ඇත්තේ වත්මන් පොලිස්පතිවරයාගේ සමීපතම මිතුරෙක් ලෙස පෙනී සිටිමින්ම මේ චරිතය ඔහුගේ කීර්ති නාමය කෙළෙසීම සඳහා දියත් කර ඇති සැලසුම පොලිස්පතිවරයාට නොතේරීම බවත් පොලිස් පොඩ්ඩෝ පෙන්වා දෙති.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගම පවසන්නේ කීප දෙනෙක් පමණක් දැනගෙන සිටි පොලිස්පතිවරයාගේ සහ පොලිසියේ පරිපාලන ප්‍රධානියාගේ ගැටුම මාධ්‍යයට ලබා දී ඇත්තේ උක්ත නියෝජ්‍ය පොලිස්පතිවරයා  බවය.

තමන් සුදනෙකුට ඇඳ ගනිමින් පොලිස්පති සහ පොලිස් පරිපාලන ප්‍රධානියා සමග පොලිසියම විනාශ කරන ආකාරයේ මේ සැලසුමට හසුවී  පොලිස්පතිවරයා මෙන්ම පොලිස් පරිපාලන ප්‍රධානියා ද අවිචාරවත්ව කටයුතු කරයි   එය රජය දියත් කර ඇති දැවැන්ත සමාජ පුනරුත්ථාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමට අතිශය අහිතකර ලෙස බලපානු ඇති බව පොලිස් ආරංචි මාර්ගම පවසයි.

පොලිස්පති ඉල්ලීම මත පරිපාලන ප්‍රධානියා තනතුරින් ඉවත් කිරීම, ඊට පිළිතුරු ලෙස තමන්ගේ ස්ථාවරය තහවුරු කිරීමට පොලිස් පරිපාලන ප්‍රධානියා රහස්‍ය ලිපි ගොනු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ලබා දී සංකීර්ණ විමර්ශනය ආරම්භ කිරීම හරහා සිදුවන්නේ දෙදෙනාම උඩබලාගෙන කෙළ ගසා ගැනීමක් බවත් ඉන් පොලිසියත් අකර්මණ්‍ය කරන තැනට වැඩ සැලසෙනු ඇතැ බවත් පොලිස් මූලස්ථානයේඅභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

උපුටාගැනීම - lankasara
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka