gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජගත් විතානගේගෙන් පොලිස්පති සමාව ගනී..

මන්ත්‍රී ජගත් විතාන මහතාට අදාළව තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කනගාටුව පළ කළ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන් කළේය.
මෙම අදහස් දැක්වීම සිදුකරන ලද්දේ (31) කථානායකවරයා, විපක්ෂ මන්ත්‍රීවරුන් සහ පොලිස්පතිවරයා අතර පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මීට අමතරව, තමාට විවිධ කණ්ඩායම්වලින් මරණීය තර්ජන එල්ල වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවටත් පොලිස්පතිවරයා ප්‍රතිඥා දුන් බව මන්ත්‍රී විතාන මහතා ප්‍රකාශ කළේය.

තවද, ආරක්ෂාව ඉල්ලා සිටින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන බවට කථානායකවරයා සහ පොලිස්පතිවරයා එකඟත්වයකට පත් වූ බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
-lankacnews

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka