gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝටි හතළිස් දෙකක බාල ඖෂධ සොයා ගනී... තවත් කෝටි දහතුනක සැක සහිත ඖෂධ ගබඩාවල...

ජාතික විගණන කාර්යාලය මගින් පසුගියදා නිකුත් කළ නවතම විගණන වාර්තාවට අනුව රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතරින් රුපියල් 4  213 348 539 වටිනා ඖෂධ හා රසායන ද්‍රව්‍ය 20.24 වර්ෂයේදී තත්ත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර තිබූ අතර තවත් රුපියල් 13 67 940 344 වටිනා ඖෂධ තත්ත්වයෙන් බාල වීම මත තාවකාලිකව භාවිතාවෙන් අත්හිටුවා ඇති බව  සදහන් වේ.

තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් අතරින් බොහොමයක ශුද්‍ර අංශු පැවතීම, බ්‍රිතාන්‍ය ඖෂධවේදී පිරිවතර වලට අනුකූල නොවීම, ලේබල් කිරීමේ මාර්ගෝපදේශවලට අනුකූල නොවීම, පෙති  කැඩියාම, වීදුරු කැබලි පැවතීම, අහිතකර ප්‍රතික්‍රියාවන් ඇතිවීම ආදී කරුණු හඳුනාගෙන තිබූ අතර එම හේතුවෙන් එම බාලා ඖෂධ භාවිතාවෙන් ඉවත් කර හෝ භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබිණි. 

එලෙස තත්ත්වයෙන් අසමත් භාවිතයෙන් ඉවත් කළ වෛද්‍ය සැපයීම් අතර බැක්ටීරියා ආසාදන සමීරෝග මානසික රෝග දියවැඩියාව අක්මාරුවක සඳහා භාවිතා කරන ඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ ලෙස භාවිතා කරන ඖෂධ තිබුණු බව විගණන වාර්තාව වැඩිදුරටත්  පෙන්වා දෙයි.

තත්ත්වයින් අසමත් වෛද්‍ය සැපයුම් වෙනුවෙන් 20.24 දෙසැම්බර් 31 වන දින වන විට ාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් අයවිය යුතු යි රුපියල් මිලියන 107කට  අදාල මුදලද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් හා වෙනත් බාහිර පාර්ශවයන්ගෙන් අය වියයුතු වටිනාකම් ද පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වී ඇත. 

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පාලන කාලයේ සිට වර්තමාන ආණ්ඩුවේ පාලන කාලයේ ආරම්භක කාර්තු දක්වා දිගින් දිගටම හෙළිවන සෞඛ්‍ය දූෂණ සම්බන්ධව කරුණු අනාවරණය වන නමුත් ඒවා සම්බන්ධව විමර්ශනය කොට වගකිවයුත්තන් තෙරෙහිව පියවර ගැනීමට මේ දක්වා රජය අසමත් වීම කණගාටුවට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. 

විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් හරහා හෝ මෙම වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව පියවර ගත යුතු බව ඔහු පවසයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka