gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වුල්වහැම්ප්ටන් ආරාධනා පත්‍රය කූඨ ලේඛණයක්.? හිටපු මහ කොමසාරිස්වරිය පැය 7ක ප්‍රශ්න කිරීමකට.!

Saroja sirisena
එංගලන්තේ ගිය රහස් පොලිසිය වුල්වර්හැම්ප්ටන් සරසවියට ගිහින් නැහැ? එංගලන්තයේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ආරාධනයකට අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදු කළ සංචාරය සඳහා රුපියල් මිලියන 16.6ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම පරීක්ෂණවල කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනයට ගිය රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය සඳුදා (17) දින හිටපු මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය මහ කොමසාරිස් කාර්යාලයට කැඳවා පැය හතකට අධික කාලයක් ප්‍රශ්න කර කටඋත්තරයක් ලබාගෙන ඇත.

වික්‍රමසිංහ මහතා 2023 සැප්තැම්බර් මාසයේදී වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උත්සවයට සහභාගී වන අවස්ථාවේදී ලන්ඩනයේ මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළේ සරෝජා සිරිසේන මහත්මිය වීම මෙයට හේතුවයි. ඇය 2023 නොවැම්බර් මාසයේදී මහ කොමසාරිස් තනතුරෙන් ඉවත් වුවද, පුද්ගලික හේතූන් මත තවමත් ලන්ඩනයේ පදිංචිව සිටින්නීය.

රහස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වල ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ, හිටපු ජනාධිපතිවරයාට ආරාධනා පත්‍රය නිකුත් කළේ කවුරුන්ද, එය නිල වශයෙන් අනුමත කර තිබුණේද, මහ කොමසාරිස් කාර්යාලය රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග නිසි පරිදි භාවිත කළේද, ආරාධනාවේ සත්‍යතාව මහ කොමසාරිස් කාර්යාලය විසින් සොයා බැලුවාද, මෙම සංචාරය නිල සංචාරයක් ලෙස හුවා දැක්වූ පුද්ගලික ගමනක්ද යන්න සහ ජනාධිපතිවරයා එංගලන්තයට පැමිණීමේ සිට පිටත්ව යෑම දක්වා මහ කොමසාරිස් කාර්යාලය විසින් ලබා දුන් සේවාවන් මොනවාද යන්න වැනි කරුණු පිළිබඳව බව ආරංචි මාර්ග වාර්තා කරයි.

හිටපු මහ කොමසාරිස්වරියට අමතරව, කලින් සතියේදී රහස් පොලිස් නිලධාරීන් විසින් එවකට නියෝජ්‍ය මහා කොමසාරිස්වරිය වූ මනෝරි මල්ලිකාරච්චි මහත්මියගෙන්ද, එම සංචාරයට සම්බන්ධව වැඩ කටයුතු කළ අනෙකුත් නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කර තිබුණි. මනෝරි මල්ලිකාරච්චි මහත්මිය තවමත් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරයි.

තවද, මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කර සේවා කාලය අවසන් වූ පසු නැවත ශ්‍රී ලංකාවට නොගොස් එංගලන්තයේම රැඳී සිටින අරුණ ප්‍රනාන්දු සහ ක්‍රිෂාන්ත සුබසිංහ යන නිලධාරීන් දෙදෙනාටද මහ කොමසාරිස් කාර්යාලයට පැමිණ කටඋත්තර ලබා දෙන ලෙස දැනුම් දී තිබූ අතර, ඔවුන් දෙදෙනාද ඒ අනුව කටඋත්තර ලබා දී ඇත. කෙසේ වෙතත්, මෙම රහස් පොලිස් නිලධාරීන් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට ගොස් සංචාරය පිළිබඳව විමසීමට අදහස් කර නොමැති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka