gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගිය අයවැයෙන් සෞඛ්‍යට වෙන්කල මුදල් 80%ක් ආපසු භාණ්ඩාගාරයට ගිහින් ඉතුරු වෙලා..

පසුගිය අයවැයෙන් ට සෞඛ්‍ය පද්ධතිය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් මේ දක්වා වියදම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්ව ඇති බව, හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. 2025 වසර සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් 474 874 000 000  හෙවත් බිලියන 48 කට ආසන්න වෙයි.

ඖෂධ සැපයීම සඳහා වෙන්කළ මුළු ප්‍රතිපාදන මුදල රුපියල් බිලියන 18 කට අධික වන අතර මින් මේ දක්වා භාවිතා කොට ඇත්තේ සියයට 19 කට ආසන්න ප්‍රමාණයක් බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී ඇස් කරුණාරත්ත මහතාගේ අත්සනින් යුක්තව  05.07.2025 දින නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වෙයි.

උපකරණ මිලදී ගැනීම සඳහා වෙන්කළ රුපියල් කෝටි 1300 කට අධික මුදලින්  මේ දක්වා වියදම් කොට ඇත්තේ සියයට දොළහකට ආසන්න ප්‍රතිශතයකි. 

නව ගොඩනැගි ඉදිකිරීම් සඳහා වෙන්කළ මුදලින් සියයට දාසයකට ආසන්න ප්‍රමාණයක් පමණක් වියදම් කොට ඇති අතර න් මාතෲ සහ ළමා සෞඛ්‍ය සඳහා වෙන්කළ රුපියල් කෝටි සියයකට ආසන්න මුදලින් මේ දක්වා වියදම් කොට ඇත්තේ සියයට පහකට ආසන්න ප්‍රමාණයකි. 

බෝවන රෝග ව්‍යාප්තිය සඳහා වෙන් කළ මුදලින් භාවිතා කොට ඇත්තේ සියයට දශම තුනකට ආසන්න ප්‍රමාණයක් වන අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය සඳහා වෙන්කළ මුදලින් භාවිතා කොට ඇත්තේ සියයට තුනකට ආසන්න ප්‍රමාණයක් ය.

ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ දියුණුව සඳහා රුපියල් කෝටි නමසීයකට ආසන්න මුදලක් ලබා දී ඇති අතර මේ දක්වා ඉන් භාවිතා කොට ඇත්තේ සියයට අටකට ආසන්න ප්‍රමාණයකි.

මේ තවත් ඉතා භයානකානාවරණයක් වන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අරමුදල ලෙස රුපියල් කෝටි 19කට ආසන්න මුදලක් ලැබී ඇති අතර ඉන් කිසිදු මුදලක් මේ දක්වා වියදම් නොකළ බව අදාළ වාර්තාවේ සඳහන් වීමයි. 

පසුගියදා ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් කැඳවා මෙරට සෞඛ්‍ය අර්බුදය සම්බන්ධව විමසීම සිදු කරන ලද අතර අයවැය ප්‍රතිපාදන වියදම් නොකිරීම සම්බන්ධයෙන් ද ඒ දී සාකච්ඡාවට බඳුන් විය. 

2019 පෙර සිට ම අමාත්‍යාංශය ඉහළ  නිලතල දරන විවිධ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සමග තවදුරටත් සෞඛ්‍ය පද්ධතිය ඉදිරි ගමනක් කරා ගමන් කිරීමට නොහැකි බව මෙම මූල්‍ය ප්‍රගමනය අනුවම පැහැදිලි වන බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි. මේ ගැන ජනාධිපතිවරයා කඩනමින් පියවරක් නොගතහොත් ලබන වසරේදී උග්‍ර  සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බවද වෛද්‍ය සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka