gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නුගේගොඩ විපක්‍ෂ රැලියේ විදුලිය බිද වැටේ.. අන්තර්ජාල අඩාල වේ.. ආණ්ඩුව පෙරලන බව නාමල් කියයි... (Video)

විපක්‍ෂයේ පක්ෂ කිහිපයක් විසින් නුගේගොඩ එළිමහන් රංග පීඨයේදී අද ආණ්ඩු විරෝධී ජන හමුවක් පැවැත්විය.
එය පැවැත්වෙන අතරතුරදී ප‍්‍රදේශයේ විදුලිය බිද වැටීමෙන් ශබ්ද විකාශනයට බාධා එල්ල විය.

කෙසේ නමුත් ඉක්මනින්ම එය යථා තත්ත්වයට පත්විය.

ප‍්‍රදේශයේ අන්තර්ජාල සේවාවන්ද ඉතා මන්දගාමී වූ බවටත පැමිණි පිරිස් කියති.

ජනරැුලිය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කලේ වර්තමාන ආණ්ඩුව පෙරළීමට හැකි පළමු අවස්ථාවේදී අනිවාර්යෙන්ම පෙරළීමට විපක්‍ෂය එක්ව කටයුතු කරන බවයි. 

ආණ්ඩුවට එරෙහිව විපක්ෂය දැවැන්ත ආකාරයෙන් ගොඩනැගෙමින් පවතින බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩුව ඇවිල්ලා කළේ පුළුවන් තරම් බදු ගහලා ජනතාව අසීරුතාවකට පත් කරන එක. බදු ගහලා බදු ගහලා දැන් කියනවා භාණ්ඩාගාරයේ ඉතිරිලා කියලා. නමුත් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගියාම කියනවා මුදල් නැහැ කියලා. මොකක්ද මේ බොරුව ඒක නිසා මේ ආණ්ඩුවට එරෙහිව අද ජනතාව පෙළ ගැසී සිටිනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස විනාශ කරලා තියෙන්නේ, රටේ බුද්ධාගමට නිසි තැන ලබා දෙන්නේ නැහැ. ඒ වගේම රටේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අඩාල කරලා තියෙන්නේ. පුළුවන් තරම් බොරු කියනවා විපක්ෂය මර්දනය කරන්න උත්සාහ කරනවා. දැන් පේනවා පොලීසියත් එක්ක එකතුවෙලා විපක්ෂය මර්දනය කරන්න හදන එක. නමුත් ඉදිරියේදී මේ සියලු දෙනාටම අපේ රජයක් යටතේ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක වන බවත් මතක තියාගන්න ඕන

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka