කේක් මුදලාලි කෙනෙක්ගෙන් TV චැනල් එකක්!
මාලිමා ආණ්ඩුව බලයට ගෙනඒමට විශාල වශයෙන් බර පැන දැරූ ප්‍රසිද්ධ කේක් මුදලාලි කෙනෙක් රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සූදානමක් ඇතැයි වාර්තා වේ.
එම මුදලාලිට ලබාදීමට තරංග පරාසයක් නොමැතිවීම නිසා අදාළ ව්‍යාපෘතිය මේවන විට තරමක් පසුබෑමට ලක්ව ඇතැයි ද පැවසේ.
කෙසේවුවද, මේවන විට වැඩිම රූපවාහිනී නාලිකා ප්‍රමානයක හිමිකරුවා වන සුභාෂ්කරන් අලිරාජා විසින් මෑතකදී වසා දමන ලද, වාර්ෂික රූපවාහිනී බලපත්‍රය අලුත් නොකළ රූපවාහිනී නාලිකාවක සංඛ්‍යාත පරාසය ලබා ගැනීම කෙරෙහි අදාළ මුදලාලිගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
එසේම, කලකට පෙර සුභාෂ් කරන් විසින් බදුගෙන තිබූ ජාතික නාලිකා සංඛ්‍යාත පරාසයක් සම්බන්ධයෙන්ද ඔවුන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
කේක් මුදලාලි කෙනෙක්ගෙන් TV චැනල් එකක්!
2025-11-15T19:53:00+05:30
Gossip Lanka Hot News





