gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනය විශ්වවිද්‍යාලයෙන් ටී 56 ගිනි අවියක්, අලුත්ම උණ්ඩ තොගයක් ඇතුළු යුද උපකරණ හමුවෙයි… යුද උපකරණ මෑතකදී සඟවා ඇති බවට සැකයක්…

යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලක වහලයේ සහවා තිබූ ටී – 56 වර්ගයේ ගිනි අවි කොටස් හා පතරොම් තොගයක් ඇතුලු තවත් යුද උපකරණ රැසක් ආරක්ෂක අංශ විසින් ඊයේ ( 31 )  සොයා ගෙන තිබේ. පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යාපනය විශ්ව විද්‍යාලයේ එම ගොඩනගිල්ල පරීක්ෂා කිරීමේදී මුලින්ම බෝම්බ පිපිරවීම සදහා යොදා ගන්නා සේවා නූලක කොටසක් හමු වී තිබේ.

පසුව ඒ ඔස්සේ තවදුරටත් කළ පරීක්ෂා කිරීම්වලදී පතරොම් හ සෙසු යුද උපකරණ හමු වී ඇත.

සොයා ගත් ද්‍රව්‍ය අතර ටී-56 රයිෆලයක්, තවත් මැගසින් දෙකක්, කුඩා ෂෙල් වෙඩි තුනක්, ක්ලේමෝ පුපුරුවා හැරීමට භාවිතා කරන පුනර්ජනනීය යන්ත්‍රයක්, වයර් සහ තුවාල සඳහා යොදා ගන්නා සැරහුම් පටි තොගයක් සේලයින්, පුලුන් , තුවාල සඳහා වෙළුම් පටිකීපයක්ද වෙයි.
සොයා ගත් සියලුම පුපුරණ ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය කෝපායි පොලිස් ස්ථානයේ තැන්පත් කර ඇති අතර ඒවා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

එම පතරොම් පරණ පතරොම් නොව ඉතාම අලුත් තත්ත්වයේ ජීව පතරොම් වීම නිසා යාපනයේ ආරක්ෂක අංශ මේ සිද්ධිය පිළිබඳව දැඩි අවධානය යොමු කොට ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ බලධාරීන් මේ පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ එම පතරොම් හා යුද උපකරණ ඉතා පැරණි ඒවා බවත් යුද සමයේදී කීසියම් පිරිසක් විසින් ඒවා මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවත්ය.

නමුත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවතන ආරක්ෂක අංශවලට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම පුස්තකාල ගොඩනැගිල්ල යුද්ධයෙන් පසුව අවස්ථා දෙකකදීම අලුත්වැඩියා කිරීම්වලට ලක් කොට ඇති අතර ඒ අවස්ථා වලදී මෙම යුද උපකරණ හමු නොවූයේ මන්දැයි යන්න ප්‍රශ්නයක් බවය.

මේ නිසා මෙම පතරොම් හා යුද උපකරණ මෑතකදී එම ස්ථානයේ සඟවා ඇති බවට යාපනයේ ආරක්ෂක අංශ සැක පහල කරණ අතර සිද්ධිය සම්බන්ධයෙන්   පුලුල් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

නොවැම්බර් මාසයේදී යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රධානත්වයෙන් එල්.ටී.ටී..ඊ මහවිරු සතිය සැමරෙන නිසා මෙම පතරොම් හා යුද උපකරණ ඒ අවස්ථාවන් වලදී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා තැබුවේද යන්න පිළිබඳවද යාපනයේ ආරක්ෂක අංශවල අවධානය යොමු වී තිබේ.





gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka