gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රක්‍ෂිතවල ඉඩම් ගොවීන්ට දෙන්නැයි ඇමති වසන්තගෙන් වන සංරක්‍ෂණයට දන්වයි... වන සංරක්‍ෂණය වසන්තට බෑ කියයි..

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන රක්ෂිත ඉඩම් වලින් අක්කර 166 ක් ගොවීන් 71 දෙනෙකුට ලබාදෙන ලෙස ඉල්ලා ඇමැති වසන්ත සමරසිංහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ කරන ලද ඉල්ලීමක් එම දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි අනාවරණය වේ.ඇමැතිවරයා විසින් මෙම ලිපිය ඉකුත් සැප්තැම්බර් මස 25 වැනිදා අනුරාධපුර දිසා වන නිලධාරිවරයාට යොමුකර තිබුණි.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මී කුඹුක්වැව ග්‍රාම නිලධාරී වසමේ හා හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීරසෝලේ, කල්පෙ, පත්තෑව, කනදරාව, රත්මලේ සහ දුටුවැව යන ග්‍රාම නිලධාරී වසම්වල ගොවීන් 71 දෙනකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව ලිපිය යොමුකළ බව ඇමැතිවරයා අදාළ ලිපියේ සඳහන්කර තිබේ.

මෙම ගොවීන් දීර්ඝ කාලයක සිට යල මහ කන්න දෙකේම හේන් ගොවිතැන් කරමින් තම ජීවිකාව ගෙන යන බවත්, ඔවුන් විසින් වගා කරන ඉඩම් රක්ෂිත කොටසට අයත් බැවින් අලි වැට ඉඳිකිරීම නිසා වගා කටයුතු කිරීම තහනම් කර ඇතැයි ගොවීන් පවසන බවත් ඇමැතිවරයා සඳහන්කර තිබේ.

මෙම කන්නය සඳහා පමණක් රක්ෂිතයේ ඉඩම් ගොවීන්ට නිදහස් කරන ලෙස ඇමැතිවරයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

දිසා වන නිලධාරිවරයා විසින් අදාළ ලිපිය ගැන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විමසා ඇති අතර, එහිදී දැනුම්දී ඇත්තේ රක්ෂිතයේ ඉඩම් වගා කටයුතු සඳහා නිදහස් නොකරන ලෙසය.

-සාලිය කුමාර ගුණසේකර
aruna
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka