gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටට වෙනසක් අවශ්‍ය වුනා වගේම දියවඩන නිලමේ ධූරයටත් දැන් වෙනසක් අවශ්‍යයයි… එකම පුද්ගලයෙකුට අවුරුදු 30ක් ලබා දීම සුදුසු නෑ… දමින්ද බණ්ඩාර උඩුරාවන නිලමේ පවසයි…

දශක දෙකකට පසු මෙවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයේ වෙනසක් සිදුවන බව පස්ගම නාථ දේවාලයේ සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ පවසයි.
එකම පුද්ගලයෙක් අඛන්ඩව තිස් වසරක් දියවඩන නිලමේ ධුරය හෙබවීම සුදුසු නොවන බවත් මේ වනවිට නව දියවඩන නිලමේ වරයෙකුගේ අවශ්‍යතාව පිළිබඳව මහා සංඝරත්නය, බස්නායක නිලමේවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රටේ බහුතරයක් පිරිස අදහස් කර තිබෙන බවත් ඔහු කීය.

පස්ගමදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දමින්ද බණ්ඩාර උඩුරාවණ බස්නායක නිලමේවරයා මෙසේද පැවසුවේය.

රටට,සමාජයට වැඩක් කරන්නට වසර 20 ක් හොඳටම ප්‍රමාණවත්. මට වැඩ කරන්න තවත් කාලය අවශ්‍යයයි කියලා කියනවා නම් එතනින් පැහැදිලි වෙන්නේ වැඩක් කරන්න වුවමනාවක් තිබිලා නැහැ කියන එකයි. මම දියවඩන නිලමේ ධුරයට ඉදිරිපත් වුණේ වැඩපිළිවෙළක් ඇතිවයි. කඩිනම්, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ලෙස සැළසුමක් මේ වනවිටත් මා සකස්කර අවසන්. කඩිනම් වැඩපිළිවෙළ දියවඩන නිලමේ ලෙස පත්වූ මුල් සතියේදීම ආරම්භ කරනවා. පත්වෙලා සැළසුම් හදනවාට වඩා වැදගත් වෙන්නේ සැළසුමක් ඇතිව පත්වීමයි.

පසුගිය දශක දෙකේදී රටේ විධායක ජනාධිපතිවරු හය දෙනෙක් අතට බලය මාරු වුණා. ඒත් දියවඩන නිලමේ වෙනස් වුණේ නැහැ. රටේ පන්සල් 13000 ක් පමණ තිබෙනවා. මේ ඇතැම් පන්සල් වල වැසිකිළියක් නැහැ. ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් ජාතික, ආගමික හා ශාසනික සේවාවක් කළ යුතුයි. මේ රටේ බෞද්ධාගම ආරක්ෂා වෙන්නේ මහා සංඝරත්නය ආරක්ෂා වුණොත් පමණයි. ඒ සඳහා විහාරස්ථාන රැක ගන්නා වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. මහ සංඝරත්නය වෙනුවෙන් දළදා මාලිගාවේ මූලිකත්වයෙන් අංග සම්පූර්ණ භික්ෂු රෝහලක් මහනුවර ස්ථාපිත කළ යුතුයි. මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවාවද අනුශාසනා ලබා ගනිමින් එය කඩිනම් වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කරනවා.

ථෙරවාදී බෞද්ධ දර්ශනය ජත්‍යන්තරය ගෙන යෑමේ මූලස්ථානය බවට දළදා මාලිගාව පත් කිරීම මගේ තවත් එක් ප්‍රධාන අරමුණක්. දළදා මාලිගාවේ මූල්‍ය කටයුතු වල විනිවිද භාවය සම්බන්ධයෙන් අද බරපතළ විවේචන එල්ල වෙනවා. මේ රටේ සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා මේ මුදල් වලට මොනවද වෙන්නේ කියලා දැන ගන්න. පසුගිය ජනපතිවරණයේ දී මෙන්ම මහ මැතිවරණයේ දී මේ රටේ ජනතාව වෙනසක් අපේක්ෂා කළා. ඒ වගේම දියවඩන නිලමේ ධුරයේ ද වෙනසක් අපේක්ෂාවෙන් මේ රටේ බෞද්ධ ජනතාව පසුවෙනවා.

දෙස් විදෙස් බෞද්ධ ජනතාව දළදා වහන්සේ සලකන්නේ ජීවමාන බුදුන් වහන්සේ ලෙසයි. මහනුවර ඇසළ පෙරහර පිළිබඳව දෙස් විදෙස් බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේ ද අවධානය යොමු වෙනවා. පෙරහර සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍යය හීලෑ අලි නොමැතිවීම දශක දෙකක පමණ කාලයක් තිස්සේ කතා කරන ප්‍රශ්නයක්. තාමත් ඒකට විසඳුමක් සොයා ගැනීමට නොහැකිවී තිබෙනවා. මේ විදිහට ගියොත් ඉදිරියේදී අලි නැතුව තමයි පෙරහර කරන්නේ වෙන්නේ. සතර මහා දේවාල මේ ප්‍රශ්නයෙන් අදත් පීඩා විඳිනවා.

දියවඩන නිලමේ ලෙස දළදා මාලිගාවේ පෙරහර පිළිබඳව පමණක් නොව සෙසු විහාර හා දේවාල ගැනත් අවධානය යොමු කරන්න ඕන. ඒ පෙරහර මංගල්‍යයන් සඳහා පහසුකම් සැපයීම ගිහි බෞද්ධයින්ගේ නායකයා ලෙස දියවඩන නිලමේවරයාගේ වගකීමක්.
-lankasara
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka