gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

1xBet නිසා රයිනා හා ධවාන්ගේ කෝටි 11.14ක වත්කම් රාජසන්තක කරයි

1xBet ඔට්ටු ඇල්ලීමේ යෙදුම ප්‍රවර්ධනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන සුරේෂ් රයිනා සහ ශිකර් ධවාන්ගේ රුපියල් කෝටි 11.14ක වත්කම් රාජසන්තක කර තිබේ. මුදල් වංචා සම්බන්ධයෙන් විමර්ශනය කරන එරට Enforcement Directorate නම් විශේෂ ඒකකය විසින් මෙම පියවර ගෙන ඇත.

අදාළ විමර්ශනයට අනුව රයිනාගේ නමින් ඇති ඉන්දීය රුපියල් කෝටි 6.64 ක් පමණ වටිනා අන්‍යෝන්‍ය අරමුදල් ආයෝජන මෙන්ම ධවාන්ගේ නමින් ඇති රුපියල් කෝටි 4.5ක් වටිනා නිශ්චල දේපළක් මෙලෙස අත්පත් කරගෙ ඇකැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
රයිනා හා ධවාන්ට අමතරව මෙම චෝදනාව සම්බන්ධයෙන් යුව්රාජ් සිං හා රොබින් උතප්පාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එමෙන්ම ජනප්‍රිය නළු සෝනු සූඩ්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිමී චක්‍රබෝර්ති, බොලිවුඩ් නිළි උර්වෂි රවුටෙලා සහ බෙංගාලි නළු අංකුෂ් හස්රා යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka