gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක වූ චරිත රත්වත්තේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා වූ චරිත රත්වත්තේ මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වන්නේ 2015 වර්ෂයේදී රාජ්‍ය වෙළඳ විවිධ සේවා නීතිගත සංස්ථාව හරහා තාවකාලික වී ගබඩා 50ක් ආනයනය කිරීම සම්බන්ධ විමර්ශනයකටයි.

මෙම ආනයනය, අවශ්‍යතාවකින් තොරව සහ රුපියල් මිලියන 90 ඉක්මවූ අධික පිරිවැයකට සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවති. 

අත්අඩංගුවට ගත් චරිත රත්වත්තේ මහතා ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka