gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාසු මැරිලා නෑ... ආණ්ඩුවට පණ ඇරලා!

වාමාංශික දේශපාලන පක්ෂයක් රටේ බලයට පැමිණ ඇති මොහොතක සියලු දක්ෂිණාංශික බලවේගයන් එක්ව එම ආණ්ඩුව බිඳ වැට්ටවීමට උත්සාහ කිරීම ලෝක දේශපාලන තත්වයක් බවත් එවැනි බලවේගයන්ට ආණ්ඩුවේ ගමන අඩාල කිරීමට ඉඩ ලබා නොදියයුතු බවත් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් ඊයේ (15) පෙරවරුවේ සිය නිවසේදී පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වත්මන් ආණ්ඩුවේ දේශපාලන දිශානතිය පිළිබඳව ඉතා ධනාත්මකව අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා ඒ සඳහා ජනතා සහයෝගය ලබාදිය යුතු බවද සඳහන් කළේය.

අද දිනයේ වාසුදේව වාසුදේව නානායක්කාර මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ පුවතක් තමා දුටු බව පැවසූ හෙතෙම එය ඉතා විනෝදකාමී ලෙස පිලිගත් බවද සඳහන් කළා.

එම පෝස්ටුවේ ඉහළින් ජාතික ජන බලවේගය ලෙස සඳහන් කර තිබූ බැවින් එය ජාතික ජන බලවේගයට චෝදනා එල්ල කරවීම සඳහා විරුද්ධ පාර්ශවය විසින් සිදු කරන්නට ඇතැයි නිගමනය කල හැකි බවද පැවසූවා.

ඔහුගේ සම්පූර්ණ කතාව,!
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka