සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන්ට රටින් පනින්න උදව් කළ අය හෙළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා
” සෙව්වන්දි නේපාලයේදී අත් අඩංගුවට අරන් කියලා මාධ්‍ය සඳහන් කරා, ඒක හොඳයි.
දැන් ලංකාවට ගේන්න උත්සාහ කරනවා කියලත් කිව්වා, ඉක්මනට ලංකාවට ගේන්න.
ඒ වගේම මේ සංවිධානාත්මක අපරාධකරුවන් පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලත්, සහයෝගය දෙන්නෙ කවුද කියලත් කියන සියලු කාරණා රට දැනගන්න ඕන.
මොකද මේ අය රටින් පැන්නෙ මේ ආණ්ඩුව කාලේ නේ.
මේ හැම එකක් ගැනම අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕන,
ඒ වගේම හිටපු නාවික හමුදාපතිවරයට වගේ මේ අයට බොරු සාක්ෂි හදලා කටයුතු කරන්න ලෑස්ති වෙන්න එපා.” යයිද සඳහන් කළා.