වර්තමාන ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන යමින් ඇතැයි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
චීන කොමියුනිස්ට් ආණ්ඩුව කළ ආකාරයටම ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු කර නොපමාව අයෝජකයන් රටට කැඳවාගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් එස්.බී. දිසානායක වැඩි දුරටත් සඳහන් කළේ ආණ්ඩුව දවසින් දවස ශක්තිමත් වෙමින් ඉදිරියට යන අතර විපක්ෂය එන්න එන්නම දුර්වල වන බවයි.