gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොත් ප්‍රදර්ශනයේ ජන ගඟෙන් ලකුණු දාගන්න ගිය හඳුන්ට : සන්නස්ගල තේරෙන භාෂාවෙන් අමතයි ! “මයික් ඇල්ලුවාම ඔය වගේ ප්‍රචාරණ තක්කඩිකම් කියවන්න එපා!”

ආර්ථික පිබිදීමත් සමග ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යෑම නිසා සතියේ දිනවල පවා විශාල ජනකායක් මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙමින් සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

තරුණ පරපුර ඇතුළු ජනතාව අතර විශාල උනන්දුවක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

BMICH පරිශ්‍රයේදී පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක්වෙමින් මාධ්‍යට අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ, වර්තමාන ආණ්ඩුවට රට පාලනය කිරීමේදී උගත් බුද්ධිමත් පරපුරක් අත්‍යවශ්‍ය වන බවය. එම නිසා, මෙවැනි කියවන සහ හදාරන පිරිසක් දැකීම විශාල සතුටක් බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් මේ සම්බන්ධව සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මෙරට ප්‍රමුඛතම දේශකයෙකු සහ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු උපුල් ශාන්ත සන්නස්ගල මෙසේ සඳහන් කර තිබිණ.

තේරෙන භාසාවෙන්ම ඇමතීම
==========================

පිස්සු කියවන්න එපා හඳුන්.
උඹලා පෝසත් කියලා හිතන අපිත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ.
උඹලට කෙහෙල් කැන් ජොක්කු සල්ලි දෙනවා වගේ අපිට කවුරුත් ජීවත් වෙන්න අධාර දෙන්න දායක සභා නෑ.
ඔය කොන්ක්‍රීට් වනාන්තරය ඇතුළෙ ඇවිදින පොත් ගන්න සල්ලි නැති උන්ගේ කියවීමේ පිපාසාව හාමත් වීමක්.
මයික් ඇල්ලුවාම ඔය වගේ ප්‍රචාරණ තක්කඩිකම් කියවන්න එපා.
ඔයා එකතු කරපු සමාජ වටිනාකම් ඔයාම ඩස්බින් එකට දා ගන්නවා.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka