අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකාර කෙහෙල්බද්දර පද්මේ ගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකරමින් සිය පුත්‍රයාට එරෙහිව ලබා දී ඇති රැඳවුම් නියෝගය නීති විරෝධී බව අද (03) ප්‍රකාශ කර තිබේ.
පෙත්සම් විභාගය සිදුකර අවසන් තීරණය ගන්නා තෙක් සිය පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට වෙනත් ස්ථානයකට මාරු කිරීම වැළැක්වීම සඳහා අතුරු සහනයක් ද ඉන් ඉල්ලා ඇත.
ඒ අනුව අද දින පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වුන නීතිඥවරයා අධිකරණයට සහතික වී ඇත්තේ නඩුවේ කරුණු පරීක්ෂා කර තහවුරු කරගන්නා තුරු රැඳවියා වෙනත් ස්ථානයකට මාරු කර නොයවන බවය.
ඔක්තොම්බර් 23 වැනිදා කරුණු තහවුර කිරීමට පෙත්සම කැඳවීමට නියමිතව ඇත.