gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Breaking : පාස්කු මහමොළකරු හඳුනාගෙන ඉවරයි! රවී සෙනෙවිරත්න පාර්ලිමේන්තු කමිටුවට කියලා!

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න කියා තිබේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව රැස් වූ මොහොතේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාර්යප්පර මහතා කළ විමසීමකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා තිබේ.

රවී සෙනෙවිරත්න මහතාගේ ධුරය ස්ථීර කිරීම පිළිබඳ එම කමිටුව තුළ සාකච්ඡාවට ගත් අවස්ථාවේ ඔක්තෝබර් 08 වැනිදා ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

රවී සෙනෙවිරත්න මහතා කැඳවීමට පෙර, එම කාරක සභාව රැස් වී ඔහු ගේ තනතුර පිළිබඳ සාකච්ඡා කර ඇති අතර චමින්ද්‍රිනී කිරිඇල්ල සහ දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳ කරුණු මතු කර තිබුණි. එහෙත් එම චෝදනා ශක්තිමත් චෝදනා නොවන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්වරයා පෙන්වා දී තිබේ.

පාස්කු ප්‍රහාරය හුදු අයිඑස් ප්‍රහාරයක් නොව, එය පසුපස කුමන්ත්‍රණයක් පවතින බව මුල සිටම කී තැනැත්තා වශයෙන් ඔහු පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ ගරුත්වයක් තිබීම ඔහුගේ මැදිහත්වීමට එක හේතුවක් වී තිබේ.

රවී සෙනෙවිරත්නට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව පිළිබඳ ප්‍රශ්න කරමින් දයාසිරි ජයසේකර චෝදනා එල්ල කර තිබුණි.  

මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති එම නඩුව ට්‍රැෆික් නඩුවක් බවත්, සමථයට පත් කළ හැකි නඩුවක් බවත් නිසාම් කාරියප්පර් මහතා කියා තිබුණි. මෙයට බී වාර්තාවක් ඉදිරිපත් කළේ සමථ වීමට හැකියාව තිබියදී බවත්, වරදකරු විය නොහැකි බවත් කියා තිබුණී. එම අවස්ථාවේදී එම කතාව බිමල් රත්නායකද එකඟ වී තිබුණි. මීට අමතරව විභාගයට නොගෙනම ඉවත් කළ මූලික අයිතිවාසාසිකම් නඩුවක් සහ තවම විභාගයට නොගත් මූලික අයිතිවාසිකම් නඩුවක් ගැන එහිදී කරුණු සාකච්ඡා කර තිබුණි.

රවී සෙනෙවිරත්නට අදාල තවත් නඩුවක් ගැන චෝදනාවක් එල්ල වුවද එම නඩුවේ රවී සෙනෙවිරත්න සැකකරු ලෙස නම් කර තිබුණේද නැත. එම චෝදනා ප්‍රතික්ෂේප වූ පසු, කමිටුව ඉදිරියට සෙනෙවිරත්න මහතාව කැඳවා ප්‍රශ්න කර තිබුණි.  

එම ප්‍රශ්න කිරීම් අතරතුර කාරියප්පර් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් ගණනාවක් තිබෙන බව කියා තිබුණි. බොහෝ අය පාස්කු ප්‍රහාරයෙන් පසු කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂ්‍ය මත අත්අඩංගුවට ගෙන තිබුණෙ බවත්, ප්‍රහාරයට පෙර එම ප්‍රහරය සැලසුම කිරීමට සම්බන්ධ පිරිස් දැන් අත්අඩංගුවට ගනිමින් සිටින බවත් කියා තිබුණි. එම කරුණු පවසන අතර කියා තිබුණේ, මහ මොළකරු හඳුනාගෙන තිබෙන බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka