gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ PSO නෙවිල් වන්නිආරච්චි 31 දා දක්වා රිමාන්ඩ්! නඩුවේ විස්තරේ මෙන්න.. (Video)

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ නීති විරෝධී ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.‍

ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දියත් කර ඇති නෙවිල් වන්නආරච්චිගේ අතාර්කික වත්කම් නඩුව අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී ය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබිණි.

නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසමේ අත් අඩංගුවට පත් වන්න‍ෙ ඔක්තොම්බර් 02 දා  පෙරවරුවේ දී ය. කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගත් නෙවිල් වන්නආරච්චි  කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්   කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

මොකක්ද මේ නඩුව
නෙවිල් වන්නආරච්චිගේ අතාර්කික වත්කම් සම්බන්ධ විමර්ශන ආරම්භ වන්නේ  2014 වසරේ ජූලි මස 24 වන දා අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුවය.

ඉන් අනතුරුව විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස 2016 වසරේ දෙසැම්බර් මස දැනුම් දුන්නත්, එම තොරතුරු නිසියාකාරව ඔහු විසින් ලබා දී තිබුණේ නැත. මෙම රජය පත්වන තෙක්, පසුගිය වසර හතක කාලයක් තිස්සේ විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම සහ ඒ සඳහා ප්‍රකාශ ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටීම ද  ඔහු මගහැර තිබිණි.

මේ වසරේ අගෝස්තු මාසයේ ඔහු යම් තොරතුරු ප්‍රමාණයක් ලබා දී තිබුණ ද එම තොරතුරු  අසම්පූර්ණ ඒවා විය. ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 03 වැනිදා   නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසමට පැමිණි පසු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ මේ තත්ත්වය තුළය.

පැමිණිලිකාර පාර්ශවය පසුගිය 03 වැනිදා අධිකරණයට දන්වා සිටියේ  විමර්ශනවලට අනුව සැකකරු තමන්ගේ නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 28ක් වැඩිපුර උපයාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණයවන බවය.  ඔහු දිගින් දිගටම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගහැරිය ආකාරය ද පැමිණිල්ල අධිකරණයට දැන්වූයේය..

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඔහුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.   සැකකරු සම්බන්ධව සිදු කළ විමර්ශන අනුව ඔහු අත්පත් කරගෙන ඇති බව කියන දේපළ පිළිබඳ සවිස්තර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝගයේ ඇතුළත් විය .

ඒ අනුව අද (17) නඩුව කැඳවිනි.  අධිකරණයට ඉදිරිපත් කළ නෙවිල් වන්නආරච්චි ලබන 31 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
-lankasara

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka