gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තජූඩීන් Photo අපි බැලුවා.. ඒ කජ්ජා නොවේ.. කජ්ජාගේ මව හා සහෝදරියන් මාධ්‍ය හමුවේ..

ඝාතනයට ලක්වූ අරුණු විධානගමගේ හෙවත් කජ්ජාගේ පවුලෙන් ඥාතීන් සමඟ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සාකච්ඡාවක් සිදුකර තිබේ. මියගිය කජ්ජාගේ මවත් සහෝදරයන් තිදෙනකුත් සමග මෙම සාකච්ඡාව ඔහු මෙහෙයවයි. පවුලේ සාමාජිකයන් හත් දෙනෙකු සිටිනා බවත් ඉන් තුන්දෙනෙකු පමණක් එම සාකච්ඡාවට සහභාගී වීමට හැකියාව ලැබූ බවත් ඔවුන් එහිදී සඳහන් කළහ.

ඔවුනට අමතරව කජ්ජාගේ මවද මාධ්‍ය එම සාකච්ඡාවට එක්ව සිටියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් තාජුඩීන් ඝාතනයට අදාළ සීසීටීවී දර්ශනයේ පින්තූර තමන් සියලු දෙනාටම පෙන්වූ බවත් තමන් සියලු දෙනාම ඒ සිටින්නේ තම සහෝදරයා නොවන බව පැහැදිලිවම පෙන්වා දුන් බවද ඔවුන් එහිදී සඳහන් කළහ.

අදාල පින්තූරවල සිටින පුද්ගලයා හැද සිටින්නේ ටී ෂර්ටයක් බවත් තම සහෝදරයා කිසි දිනෙක ටී ෂර්ට් අදින්නේ නැති බවත් ඔවුහු පැවසූහ.

කජ්ජාගේ බිරිඳ වන අනීෂාත් ඔහුගේ රියදුරු සමග අනියම් සම්බන්ධතාවයක් තිබූ බවත් ඇය කජ්ජා එම දර්ශන හරහා හඳුනා ගත් බව පවසන්නේ අසත්‍ය බවත් ඔවුන් එහිදී කියා සිටියහ.

තම සහෝදරයාගේ ඝාතනයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ඔහුගේ බිරිඳ බව තම විශ්වාසය බවත් ඒ සඳහා කපිල දිසානායක ද සම්බන්ධ බව විශ්වාස කරන වුවත් පැවසූ ඔවුන් රාජපක්ෂලා ඊට සම්බන්ධතාවයක් ඇත්තේද නැත්තේ ද යන්න තමන් නොදන්නා බවත් තව දුරටත් කියා සිටියහ.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka