රටම මත් රකුසාට බිලි…. මත්ද්‍රව්‍ය භාවිතයෙන් දිනකට මරණ 50ක්… සුරාබදු ආදායමට වඩා බිලියන 36ක සෞඛ්‍ය වියදමක්…!
ශ්‍රී ලංකාවේ පනහකට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර භාවිතය නිසා දිනකට මිය යන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පවසයි. වාර්ෂිකව ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 30 ක් මත්ද්‍රව්‍ය භාවිතය නිසා මරණයට පත්වන අතර ඉන් 20 000ක් මෙරට පුද්ගලයන් බව ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සිදු කළ පර්යේෂණවලින් තහවුරු වී ඇත.
මෙරට සිදුවන පුද්ගල මරණවලින් සියයට 83ක් බෝ නොවන රෝග නිසා සිදුවන ඉන් 1/4ක් මධ්‍යසාර භාවිතයෙන් සිදුවන බව ද සිදු කළ අධ්‍යයනවලින් අනාවරණය වී ඇත.
2023 වසරේ ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය නිසා දැරීමට සිදුව ඇති සෞඛ්‍ය හා ආර්ථික වියදම රුපියල් බිලියන 237ක් වූ අතර එම වසරේ සුරාබදු ආදායම රුපියල් බිලියන 181.1ක් විය. ඒ අනුව සුරාබදු ආදායමට වඩා රු. බිලියන 36ක අලාභයක් ආර්ථිකයට සිදුව තිබේ.
රටම මත් රකුසාට බිලි…. මත්ද්‍රව්‍ය භාවිතයෙන් දිනකට මරණ 50ක්… සුරාබදු ආදායමට වඩා බිලියන 36ක සෞඛ්‍ය වියදමක්…!
2025-10-05T14:01:00+05:30
Gossip Lanka Hot News






