තරුණ සේවිකාවන් 2ක් හදිසියේ මියයෑම ගැන පරීක්ෂණයකට පානදුර යුනිචෙලා එකට PHIලා පනියි!
MAS සමුහයට අයත් පානදුර යුනිචෙලා ආයතනයේ සේවිකාවන් දෙදෙනකු හදිස්සියේ මිය යාම සම්බන්ධයෙන් පානදුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් යුනිචෙලාහි මුළුතැන් ගෙය පරික්ෂා කර එහි වූ ආහාර සාම්පල රැගෙන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයට යොමුකර ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද, එහි සේවිකාවන් තිදෙනෙකු ඊයේ (01) දිනයේදී ද එම ආයතනය තුළ රෝගාතුරවීම හේතුවෙන් ඔවුන් පානදුර මුලීක රෝහලට රැගෙන ගොස් ඇති බවද මේ අතර වාර්තා වේ.
මෙසේ රෝහල්ගත කළ සේවිකාවන් උණ, පපුවේ වේදනාව හා හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි පැවසේ.
මීට දින තුනකට පෙර පානදුර යුනිචෙලා හි තරුණ සේවිකාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.
එසේ මිය ගිය දෙදෙනාගෙන් කෙනෙකු වයස අවුරුදු 19 ක තරුණියක් වන අතර අනෙක් යුවතිය වයස අවුරුදු 28ක එක්දරු මවක් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
මලීෂා නැමැති 19 හැවිරිදි තරුණිය වාද්දූව වේරගම පදිංචි කාරියක් වන අතර, දිළිණි නම් අනෙක් තැනැත්තිය පානදුර අළුබෝ මුල්ලේ පදිංචිකාරියකි.
එක් අයෙක් මියගොස් තිබුණේ කොළඹ ජාතික රෝහලේදී වන අතර ඔවුන්ගේ මරණ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවද පැවසේ.
මේ අතර, අදාල ඇඟලුම් කම්හලේ සේවිකාවන් මෙසේ රෝහල්ගතවන්නේ මියගිය තරුණියන්ගේ මරණ සම්බන්ධයෙන් වන මානසික ආතතියක් හේතුවෙන් බවට ඒත්තු ගැන්වීමට පානදුර යුනිචෙලා ආයතනයේ ප්‍රධානීන් උත්සාහ ගනිමින් සිටින බවට ද මේ අතර පිරිසකගෙන් චෝදනා එල්ලවී තිබේ.
- ශ්‍රී ලංකා මිරර්
තරුණ සේවිකාවන් 2ක් හදිසියේ මියයෑම ගැන පරීක්ෂණයකට පානදුර යුනිචෙලා එකට PHIලා පනියි!
2025-10-02T07:02:00+05:30
Gossip Lanka Hot News






