වඳ සැත්කම් නාටකය ගැන වෛද්‍ය සාෆි හෙළිකරයි
මම නෙමෙයි වඳ කරේ. මේගොල්ලෝ මෙච්චර කල් කරපු සිස්ටම් එක, පාලනය කරපු ක්‍රමය, ආර්ථිකය මේවා තමයි වඳ කරේ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සඳහන් කරයි.
වෛද්‍ය මොහොමඩ් ෂාෆි සඳහන් කළේ,
“මගේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවට කියන්න කැමතියි, කුරුණෑගල ශික්ෂණ රෝහලේ VOG සෙක්ෂන් එකේ, VOG දෙන්නෙක් ඉදගෙන 2021 – 2015 ඒ කාලේ මම වැඩ කරද්දි 1200ක් කිට්ටු වෙන්න අපි මාසෙකට ඩිලිවරි කරා.
හැබැයි අවාසනාවකට දැන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මම ඒ ශ්‍රේත්‍රයේම වැඩ කරනවා, තාමත් සීසර් කරනවා හැබැයි අද වෙනකොට වෙලා තියෙන දේ අපේ හාමුදුරුවනේ ගොඩාක් ගැඹුරට හිතන්න ඕන දෙයක්.
යුනිට් හතරක් වෙලා තියෙනවා, VOG තුන්දෙනෙක් ඉන්නවා, වයඹ මෙඩිකල් ෆැකල්ටි එකේ VOG පස් දෙනෙක් ඉන්නවා, VOG අට දෙනෙක් ඉන්නවා, හැබැයි අද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඩිලිවරි රේට් එක 550ට සියයට 45ක් 50ක් අඩුවෙලා තියෙනවා.
ආපහු මේ ලංකාවේ තරුණ පරම්පරාව දැනට ග්‍රේඩ් වන් එකට ඇඩිමිෂන් 75,000ක්, ලක්ෂයක් විතර අඩුවෙලා තියෙනවා. අවුරුදු 15ක් 20ක් වෙනකොට ලංකාව ගැන කැක්කුමක් තියෙන පුරවැසියෙක් විදිහට මම කියනවා, මේ තරුණ පරම්පරාව ලක්ෂ 5ක් විතර අඩු වෙනවා.
ඒ අඩුව, පුරප්පාඩුව කොහෙන්ද අපි නිවැරදි කරන්නේ. ඒ හින්දා මම නෙමෙයි වඳ කරේ. මෙච්චර කල් තිබ්බ සිස්ටම් එක තමයි වඳ කරේ. පොලිස් නිලධාරියෙක් කියනවා මට, මම CID එකේ කූඩුව ඇතුලේ ඉදගෙන නින්ද යන්නෑ, නයිට් එකට ආපු පොලිස් නිලධාරියෙක් ඔබතුමා මොනාද කරන්නේ.?
වයිෆ් මොනාද කරන්නේ.? මගෙන් ඇවිල්ලා කතා කරනවා. විස්තර කියාගෙන, එයාගේ බිරිඳ ටීචර් කෙනෙක් කීවා. ලමයි කීදෙනෙක් ඉන්නවාද. එක්කෙනයි ඉන්නේ කිවුවා. වයස හතයි ඉස්කෝලේ යනවා සර් කිවුවා.
ඇයි හැදුවේ නැත්තේ.? කොහොමද සර් හදන්නේ. මේ ප්‍රශ්නත් එක්ක එකක්වත් හදාගත්තේ හරි අමාරුවෙන්. ඩොක්ටර් සාෆි කියලා දීලා නෙමෙයි. මේගොල්ලොන්ගේ නොහැකියාව. මේගොල්ලොන් කරපු වරද වහන්න තමයි මේ ජාතිවාදය අතට ගත්තේ.
මම නෙමෙයි වඳ කරේ. මේ සිස්ටම් එක වඳ කරේ. මේගොල්ලෝ මෙච්චර කල් කරපු සිස්ටම් එක, පාලනය කරපු ක්‍රමය, ආර්ථිකය. මේවා තමයි වඳ කරේ. ඒ හින්දා මම මගේ ජුනියර් බැච් එකේ නලින්ද ජයතිස්ස ඇමතිතුමා.
ඔයගොල්ලන්ගේ ආණ්ඩුවට මම ශ්‍රී ලංකාවේ ජාතිවාදයෙන් ඉහලින්ම බැට කාපු පුද්ගලයෙක් විදිහට මේ අනාගතය බාරදෙනවා. ආපහු මේ ආර්ථිකය හඳලා අපේ ලංකාවේ. ආපහු කුරුණෑගල රෝහලේ අවම වශයෙන් ඩිලිවරි 1100ක් වත් දෙන්න පුළුවන් පරම්පරාවක් හඳන්න ඕගොල්ලෝට පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.”
වඳ සැත්කම් නාටකය ගැන වෛද්‍ය සාෆි හෙළිකරයි
2025-10-02T06:53:00+05:30
Gossip Lanka Hot News






