gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවූ ශ්‍රී ලාංකික මහ මොළකරු ඉන්දීය පොලීසියේ අත්අඩංගුවට!

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් විසින් විසින් ඉන්දියාව කේන්ද්‍රකරගනිමින් කළාපීය රටවල් තුළ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය සමත්ව තිබේ.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ එහිදී ඉන්දීය රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් අධික විෂ සහිත ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බවයි.

එම මත්ද්‍රව්‍ය අතර හයිඩ්‍රොපොනික් ගංජා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45කට අධික ප්‍රමානයක්, සයිලොසොබීන් හෙවත් මැජික් හතු නමින් හඳුන්වන හතු කිලෝග්‍රෑම් 6ක් අඩංගුව ඇතැයි සඳහන්.

ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය විසින් පසුගිය 9 වනදා කෙම්පෙගඋඩා ගුවන්තොටුපළේ දී කොළඹ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තායිලන්තයේ සිට ඉන්දියාවට ශ්‍රී ලංකාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එහිදී ඔවුන්ගේ ගමන් බෑග තුළ තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තොරතුරු රැසක් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම ජාවාරම ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙහෙයවා ඇති අතර ඔහු වෙනත් ගුවන් යානයකින් පැමිණි අවස්ථාවේ දී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉන්දිය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka