gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Braking News - විදෙස්ගත පාතාල කල්ලියක් සමග රැඳී සිටි ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට.!

ishara sewwandi arrested in Nepal
ඉෂාරා සෙව්වන්දි සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සගයන් බව පැවසෙන විදේශයන්හි රැඳී සිටිමින් අපරාධ මෙහෙයවූ තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ලෙස හඳුන්වන ඉෂාරා සෙව්වන්දි මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ ගනේමුල්ලේ සංජීව ඝාතනයෙන් මාස 8කට පසුව වීම සුවිශේෂී වෙයි.

පසුගිය පෙබරවාරි 19 වනදා අලුත් කඩේ උසාවිය තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනයට ලක්වූ අතර පසුව ඝාතනය සිදුකළ වෙඩික්කරු එදිනම පොලිස් අත්අඩංගුවට ගනු ලැබූවද ඝාතනයේ මහ මොලකාරිය ලෙස හැඳින්වූ ඉෂාරා සෙව්වන්දි නැමති කත අත්අඩංගූවට ගැනීමට නොහැකි විය.

රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණ වූ කරුණු මත රටින් පළාගොස් සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කර තිබුණා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊට අදාළ මෙහෙයුම සිදුකළේ ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය මතයි.

ishara sewwandi arrested in Nepal


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka