gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පති පොලිස් පොඩ්ඩා වෙනුවෙන් පෙනී සිටීමෙන් නැති ප‍්‍රශ්ණ රැසක් ඇතිවෙයි!

සාවි භූමියේ දී නීතිඥයෙකුට පහර දුන් බවට චෝදනා ලැබූ පොලිස් කොස්තාපල් වෙනුවෙන් තමන් පෙනී සිටින බව පොලිස්පතිතුමා ප්‍රකාශ කර තිබුණා. පොලිසියයි නීතිඥවරුයි දෙකට බෙදිලා ක්‍රිකට් තරගයක යෙදී ඉන්න කොට නම් පොලිස්පතිතුමාට පොලිසිය වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. අපි පොඩි කාලයේ පර්සි අබේසේකර ආනන්ද – නාලන්ද ක්‍රිකට් තරගයේ දී දෙපැත්තටම හුරේ දානවා වගේ ඕනෑ නම් දෙපැත්ත වෙනුවෙන්ම පෙනී ඉන්න පුළුවන්. මොකද පොලිස්පති පොලිස් නිලධාරියෙකු වගේම නීතිඥයෙක්. නමුත් මේක ක්‍රිකට් තරගයක් නොවේ, පහර දීමක් පිළිබඳ චෝදනාවක්.

පහර දීමක් පිළිබඳ විමර්ශනය කරන්න මේ රටේ තිබෙන එකම ආයතනය පොලිසිය. ඒ නිසා තමයි පහර කෑමට ලක් වුණු නීතිඥයාට පොලිසියට ගිහින් පැමිණිලි කරන්න සිද්ධ වුණේ. දැන් විමර්ශනය කරන ආයතනය පහර දුන්නු සැකකරු වෙනුවෙන් පෙනී සිටිනවා කියලා ආයතන ප්‍රධානියා ප්‍රකාශ කරනවා නම් වින්දිතයාට යුක්තිය ඉටු කරන්නේ කොහොමද? පොලිස්පතිවරයා ප්‍රකාශ කල යුතුව තිබුණේ සැකකරු පොලිස් නිලධාරියෙකු වුණත් සාධාරණ විමර්ශනයක් කරනවා කියන එකයි. අපි අපේ එකාගේ පැත්තේ කියලා ප්‍රසිද්ධියේම කියන කොට මෙහෙම පොලිස්පතිවරයෙකුගෙන් රටට යුක්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?

නීතිඥයා තම රාජකාරියට බාධා කලා නම් ඔහුව අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරියාට බලය තිබෙනවා. නමුත් පහර දෙන්න අයිතියක් නෑ. පහර දුන්නේ නීතිඥයා ද පොලිස් නිලධාරියා ද කියා දැන් දෙපැත්තෙන්ම කතා දෙකක් කියනවා. ඇත්ත කතාව මොකක්ද කියා අධිකරණය තීරණය කරාවි. නමුත් ස්වාධීන විමර්ශනයක් කළ යුතු පොලිස්පති පැත්තක් ගැනීම වැරදියි. මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පවා විරුද්ධව පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා. නමුත් කවදාවත් පොලිස්පතිවරයා අපි පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා නෑ. මොකද පොලිස් නිලධාරියාට විරුද්ධව හරි අපට පැමිණිලි කරන්න තිබෙන්නේ පොලිසියටම තමයි.

දැන් පහර දුන් බවට චෝදනා එල්ල වුණු පොලිස් නිලධාරියාව අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කලේත් පොලිසියමයි. එතකොට පොලිස්පතිතුමා දැන් ඉන්නේ සැකකාර පොලිස් නිලධාරියාගේ පැත්තේ නම් විමර්ශනය කරන පොලිස් නිලධාරියාගේ පැත්ත ගන්න කවුද පොලිසියේ ඉන්නේ?

වත්මන් පොලිස්පතිවරයා පොලිසිය මාලිමාකරණය කිරීමේ ප්‍රතිඵලයක් විධියට තමයි මේ ප්‍රශ්න මතු වෙන්නේ. අතීතයේ පොලිසියට තිබුණු දේශපාලන මැදිහත්වීම් දැන් නෑ කියලා ඔහු වරක් ප්‍රකාශ කලා. අපිත් ආණ්ඩුවල හිටියා. ඒ නිසා නම් නොකර චෝදනා කලාම අපිත් බලපෑම් කලා කියලා ජනතාව හිතන්න පුළුවන්. එතුමන්ට රාජකාරියට බලපෑම් කරපු දේශපාලකයින්ව නම් කරන්න කියලා මම එතුමාගෙන් ඉල්ලා හිටියා. ඒ ගැන දැන් ශබ්ද නෑ.

විමල් වීරවංශ මැතිතුමා පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රසිද්ධියක් දුන්නා. ඒක සම්පූර්ණයෙන් නීතියට පටහැනි ක්‍රියාවක්. පොලිසියට ලබා දෙන ප්‍රකාශයේ අඩංගු කරුණු පොලිසිය බී වාර්තාවකින් අධිකරණයට දැනුම් දෙනවා මිස මාධ්‍ය වලට දෙන්න බෑ. පොලිසිය මෙහෙම සාක්ෂිකරුවන් පොලිසියට කියන දේවල් ප්‍රසිද්ධ කරන්න ගත්තොත් කිසිම පුද්ගලයෙකු අපරාධයක් කළ අයව දැන ගත්තත් ඒක පොලිසියට කියන එකක් නෑ. මොකද පොලිසිය ඒක ප්‍රසිද්ධ කලාම තමන්ගේ ජීවිතය අනතුරේ වැටෙන නිසා. ඒ විතරක් නොවේ, සාක්ෂි ප්‍රසිද්ධ වුණාම අපරාධකරුට පලා යන්න, සාක්ෂි විනාශ කරන්න වගේම සාක්ෂිකරුවන් බියපත් කරලා සාක්ෂි වෙනස් කරන්නත් අවස්ථාව ලැබෙනවා.

පොලිසිය පිළිබඳ සාක්ෂිකරුවන්ගේ විශ්වාසය ඇති වෙන්න නම් විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රකාශය ප්‍රසිද්ධ කරන්න කටයුතු කළ සියළුම දෙනාගේ වැඩ තහනම් කළ යුතුයි. නමුත් එවැනි තහනමක් පිළිබඳ අද වන තුරු අපට අහන්න ලැබුණේ නෑ. ඒ වැඩ තහනම සිදු වන තුරු අපරාධයක් පිළිබඳ තමන් දන්න ඇත්ත මේ රටේ ජනතාව පොලිසියට ඇවිත් ප්‍රකාශ කරාවි කියලා අපට නම් බලාපොරොත්තු වෙන්න බෑ. මෙහෙම ගියොත් පාතාල නායකයින්ට තමන් ගැන සාක්ෂිකරුවන් මොකද කියන්නේ කියලා දැන ගන්න සාක්ෂි දෙන අතරේ එෆ්බී ලයිව් දෙන්නත් ඉඩ තිබෙනවා.

අපේ පොලිසිය නඩත්තු කරන්නේ මේ රටේ මහජන මුදලින් මිස පැලවත්තෙන් නොවේ. ඒ නිසා ශ්‍රී ලංකා පොලිසිය මාලිමා පොලිසිය කරන්න එපා කියා පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka