රජයේ රෝහල් සඳහා ඉකුත් වර්ෂයේ (2024) නිකුත්කොට තිබු වෛද්‍ය සැපයිම් අතුරින් රුපියල් හාරසිය විසි එක් කෝටි,තිස්තුන් ලක්ෂ, හතලිස් අට දහස් පන්සිය තිස් නමයක් (4,213,348,539) වටිනා ඖෂධ ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත්වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම රුපියල් එකසිය තිස්හය කෝටි, හැත්තෑ නව ලක්ෂ,හතලිස් දහස් තුන්සිය හතලිස් හතරක් (1,367,940,344) වටිනා ඖෂධ තත්ත්වයෙන් අසමත්වීම හේතුවෙන් තාවකාලිකව භාවිතය අත්හිටුවා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් අතුරින් බොහෝමයක වර්ණය වෙනස්වීම, පෙති කැඩී යාම, වීදුරු කැබලි පැවතීම, අහිතකර ප්‍රතික්‍රියාවන් ඇතිවීම ආදි කරුණු හඳුනාගෙන තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
මීට අමතරව දෘෂ්‍ය අංශු පැවතිම, බ්‍රිතාන්‍ය ඖෂධවේදි පිරිවිතරයන්ට අනුකුල නොවීම, එක්සත් ජනපද ඖෂධවේදි පිරිවිතරයන්ට අනුකුල නොවිම, ලේබල් කිරීමේ මාර්ගෝපදේශයන්ට අනුකුල නොවිම ආදි කරුණු හඳුනාගෙන තිබුණි.
මේ හේතුවෙන් මෙකී ඖෂධ භාවිතයෙන් ඉවත්කොට හෝ භාවිතය අත්හිටුවා තිබුණි.
තත්ත්වයෙන් අසමත්ව භාවිතයෙන් ඉවත්කළ වෛද්‍ය සැපයිම් අතර බැක්ටිරියා ආසාදන, සමේ රෝග, මානසික රෝග, දියවැඩියා අක්මා රෝග සඳහා භාවිතාකරණ ඖෂධ හා ප්‍රතිජිවක ලෙස භාවිතා කරනු ලබන ඖෂධ තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.