gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ ආරක්ෂකයා හාල් ලොරියක් කොල්ලකාලා!

මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ අයිස් කන්ටේ­නර් දෙකක් සඟවා තබා­ගැ­නීමේ සිද්ධියේ සැක­ක­රු­වකු වන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පළාත් පාලන අපේ­ක්ෂක සම්පත් මන­ම්පේරි නමැත්තා මෙයට අවු­රුදු 16කට පෙර ද්‍රවිඩ ව්‍යාපා­රි­ක­යකු බිය­ගන්වා සහල් ලොරි­යක් කොල්ල­කෑමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ මහා­ධි­ක­ර­ණය ඊයේ (30) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු රශාන්ත ගොඩ­වෙල මහතා ඉදි­රියේ නඩුව කැඳවූ අව­ස්ථාවේ විත්ති­කරු වෙනු­වෙන් නීතිඥ කල්ප පෙරේරා මහතා කරුණු දක්ව­මින් සිය සේවා­දා­ය­කයා රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කර සිටින බව දන්වා සිටි­යේය. ඒ අනුව චුදිත පිළි­බඳ වාර්තා­වක් සප­යන ලෙස මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා බන්ධ­නා­ගා­ර­යට නියෝග කළේය.

නඩුවේ 4 වැනි විත්ති­කරු වන නෙරං­ජන් පෙරේරා නමැත්තා ද ඊයේ (30) නඩු විභා­ග­යට ඉදි­රි­පත් නොවූ අතර, ඔහු වෙනු­වෙන් නීතිඥ රාහුල් ජය­ති­ලක මහතා කරුණු දැක්වීය. සිය සේවා­දා­ය­කයා අයිස් මත්ද්‍රව්‍ය සන්ත­කයේ තබා ගැනීමේ සිද්ධි­ය­කට මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් බන්ධ­නා­ගා­ර­ගත කර සිටින බව නීති­ඥ­ව­රයා දන්වා සිටි­යේය. විත්ති­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා නියෝග කළේය.

මහින්ද රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති ධුරයේ කට­යුතු කළ සමයේ සම්පත් මන­ම්පේරි නමැත්තා ජනා­ධි­පති ආර­ක්ෂක අංශ­යට අනු­යුක්ත කොස්තා­ප­ල්ව­ර­යකු ලෙස සේවය කර ඇති අතර, ඔහුගේ මෙහෙ­ය­වීම යටතේ එව­කට අග­මැති ආර­ක්ෂක අංශයේ සේවය කළ හිටපු පොලිස් කොස්තා­පල් ඉන්දික දළ­දා­වත්ත ඇතුළු හිටපු පොලිස් නිල­ධා­රීන් පිරි­සක් මෙම කොල්ල­කෑම කර ඇත.

විත්ති­ක­රු­වන් 2009 වසරේ අගෝස්තු මස 12දා නාර­හේ­න්පිට මංස­න්ධිය ආස­න්නයේ දී පොලිස් නිල­ධා­රීන් ලෙස පෙනී සිට නැඟෙ­න­හිර පළාතේ සිට කොළ­ඹට සහල් ගෙන්වීම කළ සෙල්ව­දො­රෙයි කොළ­වෙ­න්නා­දන් නමැති ද්‍රවිඩ ව්‍යාපා­රි­කයා බිය­ගන්වා සහල් ලොරි­යක් හා ඔහු සන්ත­කයේ තිබුණු මුදල් හා ජංගම දුර­ක­ත­නය කොල්ලකා තිබේ.

නීති­ප­ති­ව­රයා විසින් දණ්ඩ නීති සංග්‍ර­හයේ 14 වැනි වග­න්තිය යටතේ අධි­චෝ­දනා 7ක් යටතේ නඩු පවරා ඇත. විත්ති­ක­රු­වන් කොල්ලකා ඇති සහල් ලොරියේ වටි­නා­කම රුපි­යල් ලක්ෂ 10කට ආසන්න වේ.

විත්ති­ක­රු­වන් කොල්ල­කෑමේ පොදු අර­මු­ණින්, නීති විරෝධී රැස්වී­මක සාමා­ජි­ක­යන් ලෙස ක්‍රියා­කි­රීම ඇතුළු චෝදනා යටතේ විත්ති­ක­රු­වන් 4 දෙන­කුට එරෙ­හිව චෝදනා ගොනු­කර ඇත.

එම විත්ති­ක­රු­වන් මෙයට පෙර ද අවස්ථා කිහි­ප­ය­කදී ද්‍රවිඩ ව්‍යාපා­රි­ක­යන් බිය­ගන්වා කොල්ලකෑ බවට චෝදනා එල්ලවී ඇත. එමෙන්ම සම්පත් මන­ම්පේරි ජනා­ධි­පති ආර­ක්ෂක අංශයේ සේවය කළ සමයේ දී හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නඩ­රාජා රවි­රාජ් ඝාත­නයේ සැක­ක­රු­වකු ලෙස ද අත්අ­ඩං­ගු­වට ගැනුණි.

Dinamina
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka