gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ උරුමයෙන් කෝටි 10ක් වංචා කළ කතක් අත්අඩංගුවට!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ‘උරුමය’ වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී, වංචාවට සම්බන්ධ යැයි සැක 43 හැවිරිදි කාන්තාවක් (බකමුණ පදිංචිකාරියක්) පසුගිය 26 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඇය කිරිබත්ගොඩ තාවකාලික ලැගුම්හලක පදිංචිව සිට ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

එමෙන්ම, සිද්ධියට සම්බන්ධ අනෙක් 55 හැවිරිදි සැකකරු (මහරගම පදිංචිකරුවෙක්) පසුගිය 29 වැණිදා වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන්.

විමර්ශන නිලධාරීන් විසින් සැකකරු භාරයේ තිබූ වංචනිකව ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ 20ක් අත්හිටුවීම සඳහා අධිකරණයෙන් නියෝග ලබා ගැනීමටද කටයුතු කර තිබෙනවා.

2024 වසරේදී “උරුමය” වැඩසටහනට මුවා වී, ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබා දෙන බව පවසා මෙම මුදල් වංචාව සහ සාවද්‍ය පරිහරණය සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka