gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිරේ ඉදන් පද්මෙ අයියා නේපාලෙ හිටපු සෙවුවන්දි නංගි පාවාදීලා!

2025 පෙබරවාරි 19 වන දින කොළඹ පහ අධිකරණ භූමියේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධව සෘජුවම අධිකරණයට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුඩ්ලර් මහතා සඳහන් කළේ, මෙම විශේෂ මෙහෙයුම හරහා එම ප්‍රධාන සැකකාරිය ඇතුළු තවත් සැකකරුවන් කිහිප දෙනෙකු පොලිස් භාරයට ගැනීමට හැකි වූ බවයි. ඉෂාරා සෙව්වන්දි නැමැති මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනත් නිකුත් කර තිබූ බව වාර්තා වේ.

මෙම විමර්ශනය ඉතාමත්ම සැලසුම් සහගතව, දීර්ඝ රහසගත සැලසුම් කීපයක් නිර්මාණය කර සිදු කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID), විශේෂ බුද්ධි අංශයන්හි, සහ විදේශීය රටවල සහයෝගය ලැබිණි. විශේෂයෙන්, නේපාල රාජ්‍යයේ සහය ඇතිව, තාක්ෂණය ඇසුරෙන් සහ එම භූමියේ තිබූ බුද්ධි තොරතුරු ඇසුරෙන් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි, අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කීපයක විවිධ වූ මනුෂ්‍ය ඝාතන සැලසුම් කරපු කාන්තාවක් ලෙසද හඳුනාගෙන ඇත.

කෙහෙල්බද්දර පද්මේගෙන් මේ දක්වා කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව ඉෂාරා සෙව්වන්දි නේපාලයේ රැඳී සිටින බවට අනාවරණ කරගැනීමට හැකිව ඇත.

ඒ අනුව බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු පොලිස් කණ්ඩායමක් නේපාලය බලා පිටත්ව ගොස් තිබුණි.

එහිදී එරට පොලිසියේ ද සහය ඇතිව ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස රැඳී සිටි ස්ථානය සොයාගත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

නේපාලයේදී, ඉෂාරා සෙව්වන්දි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් එක් ද්‍රවිඩ අයෙකු සමඟය. මෙම ද්‍රවිඩ පුද්ගලයා සැකකාරියට රැකවරණය දුන් තැනැත්තා ලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දෙදෙනාට අමතරව, සැකකාරිය සහ රැකවරණය දුන් සැකකරු අතර සිටි තවත් සිව් දෙනෙක් ශ්‍රී ලංකා පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙම සිව් දෙනාගෙන් තිදෙනෙකු පිරිමි පාර්ශ්වයන් වන අතර එක් අයෙක් කාන්තාවක් බවට ලේඛනගත වේ. ඒ අනුව, සැකකාරියන් දෙදෙනා සහ සැකකරුවන් හතර දෙනා ඇතුළුව මුළු පිරිස 6 දෙනෙකි.

විදේශ රටවල සිටින මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් අවශ්‍ය සියලුම සහය ලබා ගැනීම සඳහා විෂය භාර අමාත්‍ය විජයපාල මහතා, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, සහ ආරක්ෂක අමාත්‍ය ලේකම් රවි සෙනෙවිරත් මහතා විශේෂ දායකත්වය සහ මැදිහත් වීම ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරුවන් සිව් දෙනා ඉදිරි දින කීපය තුළදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරමින් සිටී. විවිධ රටවල් අතර ඇති වී තිබෙන එකඟතාවන් සහ ගිවිසුම් හරහා උදර්පණ නීතිය යටතේ මොවුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.

මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලිස්පතිතුමාගේ සහයෝගය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සුහදතාව මත කටයුතු කළ නේපාල රජයට සහ නේපාල පොලිසියට ගෞරවනීය ස්තූතිය පුද කළ යුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැලසුම් සහ විශේෂ පොලිස් කණ්ඩායමේ දායකත්වයද ගෞරවයෙන් ඇගයීමට ලක්විය යුතු බව ප්‍රකාශ විය
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka