gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කජ්ජා පුතාගේ කෙඳිරිය ප්‍රශ්න කරයි... පිටුපස ප්‍රබල දේශපාලඥයෙක්?

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් “කජ්ජා” ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (04) දින සඳහන් කළේය.

තාජුඩීන්ගේ ඝාතනය සිදුවන අවස්ථාවට පෙර අනුර විදානගමගේ හෙවත් “කජ්ජා” තාජුඩීන්ගේ මෝටර් රථය පිටුපස ගමන් ගත් ජීප් රථයක සිටි බවට කජ්ජාගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කළේය.

එහෙත් අනුර විදානගමගේ හෙවත් කජ්ජාගේ 17 හැවිරිදි පුත්‍රයා මාධ්‍ය හමුවක් පවත්වමින් සිය මව කළ අනාවරණය ප්‍රතික්ෂේප කළ අතර අදාළ වීඩියෝව සිය පියාගේ පවුලේ ඥාතීන්ටද පෙන්වා ඒ ගැන පරීක්ෂාවක් නොකරන්නේ ඇයි දැයි පොලිසියෙන් විමසා සිටියේය.

කෙසේ වෙතත් අනුර විදානගමගේ හෙවත් කජ්ජාගේ පුත්‍රයා වන විදානගමගේ ඉදුවර සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ඉදිරියේදි ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවත් කජ්ජාගේ ඥාතීන්ගෙන්ද ඉදිරියේදි ප්‍රකාශ ලබා ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර කජ්ජාගේ පුත්‍රයා වන විදානගමගේ ඉදුවර විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුකළ ප්‍රකාශය, ප්‍රබල දේශපාලඥයෙකුගේ උපදෙස් මත සිදුකළ ප්‍රකාශයක්ද යන්න සම්බන්ධයෙන් සැක මතුවී ඇති බව වාර්තා වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka