තාජුඩීන් ඝාතන පරීක්ෂණ ඉවරයක් කරන්න - නාමල්
හැමදාම කිය කිය ඉන්නේ නැතුව තාජුඩින් ඝාතන පරීක්ෂණ අවසන් කරන්න ඕනෑ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.
හැමදාම කිය කිය ඉන්නේ නැතුව තාජුඩින් ඝාතන පරීක්ෂණ අවසන් කරන්න ඕනෑ. දේශපාලන වාසියක් ගන්න ආණ්ඩුව එය පාවිච්චි කරනවා නම් වැරදියි, නමුත් සත්භාවයෙන් ඒ ගැන හොයනවා නම් ඒක හොඳයි.
මම දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ ගැන මාධ්‍යයට කරුණු දක්වනවා. ඒ කරුණු දැක්වීම කරන්නේ මාධ්‍යයට. ඇයි උසාවියේ දක්වන්න අවශ්‍ය කරුණු මාධ්‍යයට දක්වන්නේ. ඒක කරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවට සහ සන්දර්ශනයට නේ.
මේ ආණ්ඩුව විසින් අධිකරණ පද්ධතියට බලපෑම් කරනවා කියලා පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ප්‍රකාශ කළා.
සංවිධානාත්මක අපරාධයක් වෙලා තිබෙනවා නම් පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක දේශපාලන වාසි ගන්න ගිහිල්ලා පරීක්ෂණ කටයුතු ගැන අපරාධකරුවන්ට දැනුම් දීමක් වගේ කරන්නේ.
මේ කරුණු අධිකරණයට වාර්තා කරලා පරීක්ෂණ කටයුතු කරන්නයි අවශ්‍ය වෙන්නේ. මේ අයගේ නොදන්නකමයි මේකෙන් පේන්නේ… පොලීසියත් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයටයි වැඩ කරන්නේ.
තාජුඩීන් ඝාතන පරීක්ෂණ ඉවරයක් කරන්න - නාමල්
2025-10-06T07:45:00+05:30
Gossip Lanka Hot News





