gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාලයන් ඉන්දියාවට පැන්නීම පසුපස ‘සහෝදර සමාගමක්’…! මහමොළකරු ආනන්දන්..! එක වැඩකට ගාණ ලක්ෂ 10යි..! දැනටමත් ලංකාවේ පාතාලයන් 100ක් විතර ඉන්දියාවට පන්නලා..!

Gossip Lanka Hot News පාතාල අප­රා­ධ­ක­රු­වන්, මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් සහ වෙනත් අප­රා­ධ­ව­ලට සම්බන්ධ පුද්ග­ල­යන් නීති­ වි­රෝ­ධීව බෝට්ටු මඟින් ඉන්දි­යා­වට රැගෙන යෑමේ ජාලය හඳුනා ගැනී­මට කොළඹ අප­රාධ කොට්ඨා­සය සමත්ව තිබේ. මෙම ජාල­යට සම්බ­න්ධව සිටින්නේ ඉන්දියා‍වේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙර­ටට කේරළ ගංජා රැගෙන එන සහෝ­දර කණ්ඩා­ය­මකි. පාතා­ල­යට සම්බන්ධ ප්‍රබල අප­රා­ධ­ක­රු­වන් මෙන්ම පාතා­ලයේ වෙඩි­ක්ක­රු­වන් ඇතුළු 100ක පමණ පිරි­සක් පසු­ගිය වසර කිහි­පය තුළ මෙම කණ්ඩා­යමේ මැදි­හ­ත්වීම මත ඉන්දි­යා­වට පන්නා ඇති බව ද පෙනී ගොස් ඇත.

මෙම සහෝ­දර කණ්ඩාය‍මේ සහෝ­ද­ර­යන් දෙ‍ෙද­නෙක් කේරළ ගංජා ජාවා­රම් සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටිති. මෙම කණ්ඩා­යමේ මහ මොළ­කරු ලෙස හඳු­නා­ගෙන සිටින්නේ එම සහෝ­ද­ර­යන් අතර වැඩි­මලා වන ආන­න්දන් නමැ­ත්තාය. අද හෙටම ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි­වනු ඇතැයි කොළඹ අප­රාධ කොට්ඨා­සය විශ්වාස කරයි.

නේපාල‍‍යේදී අල්ලා‍ගෙන මෙර­ටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු 06 දෙනා­ගෙන් ඉෂාරා ඇතුළු තිදෙ­නෙක්ම බෝට්ටු මඟින් ඉන්දි­යා­වට පන්නා ඇත්තේද ආන­න්දන් විසින් බව අනා­ව­ර­ණය වී ඇත. ඉෂාරා සෙව්වන්දි ධීවර බෝට්ටු­වක නංවා ඉන්දි­යාව බලා පිට­ත්කර ඇත්තේ යාප­නය අරි­යා­ලෙනි. ඇයව ඉන්දි­යා­වට රැගෙන යෑමට අය­කර ඇතැයි පැව‍සෙන්නේ රුපි­යල් ලක්ෂ 05ක මුද­ලකි. එම මුදල ලබා දී ඇත්තේ ජේ.කේ. බායි නමැත්තා විසින් බව අනා­ව­ර­ණය වී ඇත. බෝට්ටුවේ නැ‍ඟී ඉන්දි­යා­වට යනතුරු දින කිහි­ප­යක්ම ඉෂාරා සෙව්වන්දි නවා­තැ­න්ගෙන සිට ඇතැයි පැව­සෙන්නේ කිළි­නො­ච්චියේ සහ යාප­නයේ පිහිටි ආන­න්දන් නමැති ජාවා­ර­ම්ක­රුට අයත් නිවාස දෙකක බව ද අනා­ව­ර­ණය වී තිබේ. ඉෂාරා සෙව්ව­න්දිට කිලි­නොච්චි‍යේ දී සහ යාප­නයේ දී රැක­ව­ර­ණය ලබා­දෙ­මින් රටින් පැන්නී­මට සහාය දුන් සිවු දෙනෙක්ද කොළඹ අප­රාධ කොට්ඨාස‍යේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඉෂාරා සෙව්වන්දි ඉන්දි­යා­වට රැගෙන ගිය බෝට්ටු­වද හඳුනා ගෙන තිබේ. එම බෝට්ටු­වද නඩු භාණ්ඩ­යක් ලෙස පොලිස් භාර­යට ගැනී­මට නිය­මි­තය.

පාතා­ල­යට සම්බන්ධ අප­රා­ධ­ක­රු­වන් මෙන්ම විවිධ වැරදි සම්බ­න්ධ­යෙන් පොලී­සිය සොයන අප­රා­ධ­ක­රු­වන් මේ ආකා­ර­යට ආන­න්දන් සහ ඔහු‍‍ෙග් සහෝ­ද­ර­යින් විසින් එක්ව රටින් පැන්නී­මට රුපි­යල් ලක්ෂ 05ත් 10ත් අතර මුදල් අය­ක­රන බව ද විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී තිබේ.

මෙ‍සේ ආන­න්දන් සහෝ­ද­ර­යන්ගේ ආර­ක්ෂාව සහි­තව ඉන්දි­යා­වට පැන ගන්නා පාතාල අප­රා­ධ­ක­රු­වන්ට ඉන්දි­යාවේ රැක­ව­ර­ණය සහ පහ­සු­කම් සල­සන්නේ ජේ.කේ. බායි සහ සිලෝන් බායි යන දෙදෙනා විසිනි. නේපා­ලයේ දී අල්ලා‍ගෙන මෙර­ටට රැගෙන ආ අය අතර ජේ.කේ. බායිද සිටියි. සිලෝන් බායි සම්බ­න්ධ­යෙන්ද විම­ර්ශන පැවැ­ත්වෙන බව සඳ­හන්ය. ඉෂාරා සෙව්වන්දි කොටු­කර ගන්නා විට සිලෝන් බායි ද සිට ඇත්තේ යැයි පැව­සෙන්නේ නේපා­ල­යේය. ජේ.කේ. බායි මෙන්ම සිලෝන් බායි ද මිනිස් ජාවා­රම මෙහෙ­යවා ඇත්තේ ඩුබායි සිටය. ඉන්දි­යාව, නේපා­ලය, භූතා­නය, බංග්­ලා­දේ­ශය, ඇෆ්ග­නි­ස්ථා­නය, පාකි­ස්තා­නය, මාල­දි­ව­යින යන දකුණු ආසි­යා­තික කලා­පයේ රට­ව­ල්වල මිනිස් ජාවා­ර­ම්ක­රු­වන් සමඟ මොවුන් ඉතා කිට්ටු සම්බ­න්ධ­කම් පව­ත්වන බව ද පෙනී ගොස් තිබේ. ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස ඉන්දි­යාවේ සිට නේපා­ල­යට රැගෙන ගොස් එහි ආර­ක්ෂාව සහ රැක­ව­ර­ණය ලබා දී ඇත්තේ ඒ අනු­වය. එසේ ඉන්දි­යාවේ රැක­ව­ර­ණය ලබා­දෙ­මින් එරට රැඳී සිටී­ම­ටත් වෙනත් රට­කට පැන ගැනී­මට අවශ්‍ය පහ­සු­කම් ලබා­දී­ම­ටත් රුපි­යල් ලක්ෂ 20 සිට ඉහ­ළට මුදල් මෙම ජාවා­ර­ම්ක­රු­වන් විසින් අය කරන බව ද විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත.

කොළඹ අප­රාධ කොට්ඨාස භාරයේ රැඳ­වුම් නියෝග මත සිටින ජේ.කේ. බායි මේ සම්බ­න්ධ­යෙන් බොහෝ තොර­තුරු හෙළි කර­මින් සිටින බව සඳ­හන්ය. බෝට්ටු මඟින් ඉන්දි­යා­වට පැන්නූ මෙරට පාතා­ලයේ නම ගිය අප­රා­ධ­ක­රු­වන් ගැන මෙන්ම තවත් බොහෝ තොර­තුරු ආන­න්දන් අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව ප්‍රශ්න කර අනා­ව­ර­ණය කරගැනී­මට හැකි­වනු ඇත.

ගයාන් කුමාර වීර­සිංහ -දිනමිණ

india sri lanka boat service

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka