gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගිය අවුරුද්දේ ලාබ ලැබූ ශ්‍රි ලංකන් සමාගමට මේ වසරේ බිලියන 2.7ක පාඩුවක්!

පසුගිය වසරේ රුපියල් බිලියන 7.9ක් ලාබ ලැබූ  ශ්‍රීලංකන් ගුවන් සේවය 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වසර සඳහා රුපියල් බිලියන 2.73 ක අලාභයක් වාර්තා කර තිබේ.    එය පෙර වසරේ  බිලියන 7.9 ක ලාභයට සාපේක්ෂව සියයට 134.6 ක පමණ පහත වැටීමක් බව ශ්‍රි ලංකන්  වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

සමාගමේ ආදායම රුපියල් බිලියන 339.6 සිට රුපියල් බිලියන 303 දක්වා 10.8% කින් පහත වැයටී ඇති අතර  මෙහෙයුම් වියදම් ද රුපියල් බිලියන 313 සිට රුපියල් බිලියන 276.3 දක්වා 11.7% කින් අඩු ව ඇත.

රුපියල් බිලියන 201.6 ක පැවැති සමාගසෙමස්ත වත්කම්  රුපියල් බිලියන 189.2 දක්වා 6.1% කින් පහත වැටුණු අතර කොටස් හිමියන්ගේ අරමුදල් රුපියල් බිලියන 379.5 ක් ලෙස සෘණාත්මකව පැවතුණි.  එය පෙර වසර ට වඩා 0.6% ක සුළු වර්ධනයකි.

වාර්තාවේ අදහස් දක්වා ඇති ශ්‍රි ලංකන් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී යසන්ත දිසානායක පවසන්නේ  අනපේක්ෂිත ගුවන් යානා එන්ජින් අලුත්වැඩියා සඳහා රුපියල් බිලියන 2.2 ක් වැය වීම  සහ රුපියල් බිලියන 31.6 ක ශුද්ධ මූල්‍ය ගාස්තු හේතුවෙන් ගුවන් සේවය රුපියල් බිලියන 7.6 ක ශුද්ධ අලාභයක් වාර්තා කළ බවයි.

2024/25 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකා රුපියල අගය ඉහළ යාමක් පෙන්නුම් කළ බැවින්, මගී ආදායම වසරින් වසර 15% කින් රුපියල් බිලියන 234.5 ක් දක්වා අඩු වූ බව ඔහු පැවසීය.

අනෙකුත් ආදායම් 16% කින් වර්ධනය වී රු. බිලියන 27.1 ක් වූ අතර, එය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වන අනෙකුත් ගුවන් සමාගම් වෙත සපයන ලද භූමි හැසිරවීම සහ සහායක සේවා මගින් වෙළඳපොළේ ශක්තිමත් ප්‍රකෘතිය පිළිබිඹු කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka