gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එන පොට හොඳ නෑ... රනිල් නාමල් මහ රෑ හමු වෙයි!

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් සහ භෝජන සංග්‍රහයක් ඊයේ (03) රාත්‍රියේදී කොළඹ පෞද්ගලික හෝටලයකදී පවත්වා ඇතැයි වාර්තාවේ.

මේ අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වීමද විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධනගේ කැඳවීමකට අනුව මේ අවස්ථාවට දේශපාලන පක්ෂ 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නායකයින් සහභාගී වී සිටි බව සඳහන්.

එහිදී පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස් මෙම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් කොළඹදී මහජන රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන්ද එහිදී අදහස් හුවමාරු කර ගත් බව සඳහන්.

එමෙන්ම විපක්ෂයක් ලෙස ඒකාබද්ධව ඉදිරියේදී ගනු ලබන ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව පක්ෂ නායකයින්ගේ අදහස් පළවී තිබේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka